ඉන්දීය ජාතික තරුණියක් වන Meenal Jain ප්රසිද්ධියේ නිරුවතින් බයිසිකල් පැදීමේ සිද්ධියක් නිසා මේ වන විට ඉන්දියාව තුළ දැඩි උණුසුම්කාරී කතාබහක් ඇති වී තිබෙනවා.
ලන්ඩන් හිදී පසුගියදා පැවැත් වූ World Naked Bike Ride Event නැමැති පරිසරය රැක ගැනීම වෙනුවෙන් පැවැත් වූ වැඩසටහනේදී මෙම ඉන්දීය ජාතික තරුණිය නිරුවතින් ඊට එක් වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඉන්දියාව තුළ දැඩි විවේචන එල්ල වෙමින් තිබෙනවා. පළමු නිරුවත් වූ ඉන්දීය කත ඇය බවත් ඉන්දියාවේ සංකෘතියට නොගැලපෙන බවත් විවේදන එල්ල කරයි.
කෙසේ වෙතත් ඇය පවසන්නේ තමා නිරුවතින් පාපැදි සවාරියේ නැයැලුණේ හොඳ අදහසකින් බවත්, ඉන්දියාවෙන්ම පළමුව ප්රසිද්ධියේ නිරුවත් වූ කත තමා නොවන බවත් ඇය පවසයි.