හොලිවුඩ්

ෆේස් බුක් නිර්මාතෘ අලුත් වැඩකට අතගසයි

facebook

සිය නිවසේ වැඩ කටයුතු පහසුවෙන් සිදු කිරීම සඳහා සහය ලබාදීමට කෘතිම බුද්ධියක් මේ වසරේදී නිර්මාණය කිරීමට සූදානම් වන බව ෆෙස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් පවසා තිබෙනවා.

සිය ෆෙස්බුක් ගිණුමේ මේ පිළිබඳව අදහස් පළ කරමින් ඔහු පවසා ඇත්තේ අයන් මෑන් චිත‍්‍රපටයේ එන ජාවිස් වැනි කෘතිම බුද්ධියක් නිර්මාණය කිරීම මේ වසරේදී ඔහු ඔහුටම ලබාදුන් අභියෝගය බවයි.

එහිදී ඔහු පවසන දේ තෙරුම් ගනිමින් නිවසේ උෂ්ණත්වය, ආලෝකය හා සංගීතය වැනි බොහෝ දේ පාලනය කළ හැකි කෘතිම බුද්ධියක් පවත්නා තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කිරීමට ඔහු බලාපොරොත්තු වෙයි.

එමෙන්ම නිවසට පැමිණෙන මිතුරන් හඳුනාගෙන ඔවුන්ට දොර ඇරීමේ පහසුකමද ඒ හරහා සැපයීම ඔහුගේ අදහසයි.

ඔහු මීට පෙර ඔහුට ලබාදුන් අභියෝග වන්නේ මැන්ඩරින් භාෂාව ඉගෙන ගැනීම, මාසයකට පොත් 2ක් කියවීම සහ සෑම දිනකම එක් අලූත් පුද්ගලයෙක් හඳුනා ගැනීම බවද ඔහු පවසා තිබේ.

facebook

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!