ඉකුත් 9 වැනිදා රත්මලාන ධර්මාරාම පාර දුම්රියපොළ ආසන්නයේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කළ සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය විසින් කරන ලද විමර්ෂණවලදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙුකු ලබන (23) දක්වා රිමාන්ඞ් කිරීමට ගල්කිස්ස ප්රධාන මහේස්ත්රාත් මොහොමඞ් මිහාල් මහතා නියෝග කර තිබෙනවා.
මෙම සැකකරුවන් එදිනට හදුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියම විය. මෙම සිද්ධිය දී කපා කොටා මරා දමා ඇත්තේ නලින් ප්රියදර්ශණ නැමැති 24 වියැති අයෙකුය.
චින්තක මධුෂාන් සිල්වා හෙට්ටිආරච්චිගේ විජය කුමාර් මෙහිදී තුවාළ ලබා ඇති අතර එක් අයෙකු බරපතල තත්වයෙන් පසුවන බව පොලීසිය විසින් අධිකරණයට වාර්තා කළේය.
ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන් වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබයි.
