තරු හුට පට

මංජුල පීරිස්ගේ තවත් අනාවැකියක් තිතටම හරිගිහින්ලු (වීඩියෝ)

cvr

මංජුල පීරිස් කියන නම අහපු සැණින් ඔහු ගැන නොදන්න කෙනෙක් නැහැනේ. ඒ තරමට මංජුල පීරිස් මහතා මෙරට තුළ දැන් සුප්‍රසිද්ධ චරිතයක්.

ඒ මොකද දන්නවාද මංජුල පීරිස් මහත්මයා අනාවැකියක් කියපු සැණින් ඒ අනාවැකිය යම් කිසි දවසක ඇත්තක් වෙනවා කියලා සමාජය තුළ පැහැදීමක් තියෙනවා.

මේ හේතුවෙන් මොහුට ආදරය කරන්න ඒ වගේම ඔහුව විශ්වාස කරන්න ජනතාවක් ඉන්නවා මෙරට තුළ.

පසුගිය සති දෙක තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හා ඒ අයහපත් කාලගුණික තත්ත්වයෙන් ලංකාවට වෙන විනාශය ගැනත් මේ වසර මුලදී මංජුල පීරිස් මහතා විසින් අනාවැකියක් කිව්වා. ඒ අනාවැකිය ඔන්න හරියටම හරි ගියානේ.

එම අනාවැකිය මෙතැනින් බලන්න http://goo.gl/dGCnKt

ඔන්න ඊට පස්සේ ජ්‍යෝතිෂවේදි මංජුල පීරිස් මහතා අලුත් අවුරුද්ද ආරම්භයේදී තවත් අනාවැකියක් කියලා තියෙනවා.

ඒ හරියටම අප්‍රේල් 13 වැනිදා දෙරණ නාලිකාවේ විකාශය වන “මල්බර දෙරණ“ වැඩසටහන අතරතුරේදීය.

ඒ මහතා එහිදී කියනවා “කර්මාන්තශාලාවක් හෝ රටපුරා ඇති යාන වාහන හෝ විවිධ වූ ස්ථානවල ගිනි ගැනීම් සිදුවන බවත් ඒ ගිනි ගැනීම් සාමාන්‍ය සිද්ධියට එහා ගිය එකක් බවත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා.

ඔන්න මේ අනාවැකි හරියටම හරි යද්දි සමාජයේ පුද්ගලයින් අතරේ තවත් කතාබහක් ඇති වෙමින් පවතිනවා.

ඒ මොකක්ද දන්නවාද? හරියටම මේ අවුරුද්දේ මුල ඒ කියන්නේ 2016 ජනවාරි 4 වන දින මංජුල පීරිස් මහතා අනාවැකියක් කියනවා. ඒ අනාවැකියේ තියෙනවා මෙරටේ දේශපාලන පක්ෂ නායකයෙකුගේ වීයෝවක් සිදුවෙනවා කියලා.

ඔන්න දැන් සමාජයේ යන කතා මොනවද දන්නවද පසුගිය දවසක ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වුණානේ. සෝමවංශ අමරසිංහ මහතා කියන්නේ වාමාංෂික නායකයෙක් එතුමා දිවි ගමනට සමුදුන්නා කියන්නේ ඇත්තටම මෙරට වාමාංශික ව්‍යාපාරයට විශාල පාඩුවක්. එතුමා මෙරටට කළ සේවය අපමනයි

ඉතින් දැන් අපි කියන්න යන්නේ මේ වියෝවත් එක්කම මංජුල පීරිස් මහතා වර්ෂය මුලදී කළ අනාවැකිය ගැන කොයි කවුරුත් කතා කරන්න පටන් අරගෙන. මොකද එතුමා කියනවා මෙරට තුළ දේශපාලන නායකයෙකු දිවි ගමනෙන් සමුගන්නවා කියලා. හැබැයි ඉතින් සෝමවංශ සහෝදරයාගේ වියෝව නම් ලංකාවේ වමේ ව්‍යාපාරයට ලොකු පාඩුවක් තමයි.

මංජුල පීරිස් මහතා සිදුකළ අනාවැකිය පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!