ලංකාවේ මේ වන විට ජනතාවගේ ජනාධරයට පත්වී සිටින ජ්‍යෝතිෂවේදියෙකු තමයි මංජුල පීරිස් මහතා කියන්නේ.
ඔහුව ඒ තරම් මෙරට ජනතාව වැලඳගෙන හමාරයි.
ඒ තරම් මොහුට ආදරය කරන්න ඒ වගේම ඔහුව විශ්වාස කරන්න හේතු ගොඩක් තියෙනවා.
ඒවා දැන් අපි එකින් එක කියන්න යන්නේ නෑ. මොකද දන්න කට්ටිය දන්නවා මංජුල පීරිස් මහතා කියන්නේ කවුද කියලා.
ඒ කොහොම වුණත් මංජුල පීරිස් මහතා අනාවැකියක් කිව්වොත් ඒ අනාවැකිය සඵල වෙනවා කියලත් කොයි කවුරුත් දන්නනේ.
ඒ පිළිබඳව කදිම උදාහරණය තමයි පසුගිය සති දෙක තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හා ඒ අයහපත් කාලගුණික තත්ත්වයෙන් ලංකාවට වෙන විනාශය ගැනත් මේ වසර මුලදී මංජුල පීරිස් මහතා විසින් අනාවැකියක් කිව්වා. ඒ අනාවැකිය ඔන්න හරියටම හරි ගියානේ.
එම අනාවැකිය මෙතැනින් බලන්න http://goo.gl/dGCnKt
ඔන්න ප්‍රවීණ ජ්‍යෝතිෂවේදි මංජුල පීරිස් මහතා අලුත් අවුරුද්ද ආරම්භයේදී තවත් අනාවැකියක් කියලා තියෙනවා.
ඒ හරියටම අප්‍රේල් 13 වැනිදා දෙරණ නාලිකාවේ විකාශය වන “මල්බර දෙරණ“ වැඩසටහන අතරතුරේදීය.
ඒ මහතා එහිදී කියනවා “කර්මාන්තශාලාවක් හෝ රටපුරා ඇති යාන වාහන හෝ විවිධ වූ ස්ථානවල ගිනි ගැනීම් සිදුවන බවත් ඒ ගිනි ගැනීම් සාමාන්‍ය සිද්ධියට එහා ගිය එකක් බවත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා.
එම අනාවැකිය කියූ වීඩියෝවට ඔබ හොඳින් සවන් දෙන්න.(වීඩියෝව ආරම්භ වී තප්පර 02.40 දී අදාළ අනාවැකිය ප්‍රකාශ කිරීම සිදුවෙයි.)