මේ දවස්වල වැඩියෙන්ම දකින්න ලැබෙන කෙනෙක් තමයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය.
කතා විලාශය වගේම ඔහුගේ ගති ලක්ෂණ නිසා බොහෝ දෙනෙකුගේ හදවත් දිනාගත්තු කෙනෙක් විදිහටත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය හදුන්වන්න පුළුවන්.
මුහුණුපොත පුරාමත් මේ දවස්වල මහින්ද දේශප්රිය මහතා ජනප්රිය චරිතයක්.
ඔහු ගැන ලියවුණු අපූරු කවියක් අපිට අන්තර්ජාලයෙන් ලැබුණා..
එම සටහන පහතින්…
මූණේ සිනාවක් නිරතුරුවම රන්දා
ගැමිකම හැඩට රසකර වචනෙන් විද්දා
බෙන්තර ගගේ හොඳ හැටි දියබුන් ගහලා
ඇති බව පේනවා මේ දකුණේ උන්දා…
දරුවන් නිලතලේ ලෝකෙම ගරු කරනා
ටයි පොලු පළඳවා රගලා නෑ පෙන්නා
කඩ්ඩෙන් වනා නෑ සිංග්ලිෂ් හෙම නවලා
මක්කයි ඔහේ කෑවයි, බිව්වයි ඇහුවා…
හදවත සුන්දරයි මුහුණෙන් දැන ගත්තා
වචනෙන් කතාවෙන් කාගෙත් හිත ගත්තා
නූලට තිතට වැඩ ටික ඇත කර පෙන්නා
සොඳුරු මිනිසෙකුයි මේ ආදර රැව්ලා..
කොණ්ඩය සුදු වුවත් වයසට යන හින්දා
ඇට්ටර ගතිය නම් තාමත් අඩු නැතුවා
හැමදා හිනාවී Full fun එකෙ ඉන්නා
කොල්ලෙකි මැකෝ තාමත් ආතල් දන්නා…
