ගණිකා වෘත්තිය හරි හැටි කරගත නොහැකි වීම හේතුවෙන් තම කුසෙන් උපන් දරු දෙදෙනා මරා දැමූ මවකගේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එංගලන්ත ජාතික 23 හැවිරිදි කාන්තාවක් වන ඇය මරා දමා ඇත්තේ තමාගේ සිඟිති දරුවන් දෙදෙනා වන අතර මෙම කාන්තාවගේ මව පවසන්නේ තමාගේ යක්ෂ දියණියට කිසිදා සමාව නොදෙන බවයි.
මෙලෙස තම දරුවන් මරා දැමීමෙන් පසුව එම දරුවන්ගේ ඇඳුම් සමාජ මාධ්‍ය ඔස්සේ විකිනීමටද ඇය ක්‍රියා කර තිබුණා.
වෘත්තියෙන් නිරූපණ ශිල්පිණියක වන Louise Porton ගණිකා වෘත්තියට පැමිණ ඇත්තේ ඇගේ ඡායාරූප ශිල්පීන්ගේ මාර්ගයෙන් බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.
අධිකරණයෙන් ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කොට ඇති අතර නමුත් එය බොහෝවිට අවුරුදු 32ට සීමා වනු ඇතැයි ද වාර්තා වෙන්නේ.
