තරු හුට පට

කැණීමකදී බුදු හිමිගේ ශීර්ෂ ධාතූන් වහන්සේ නමක් මතුවෙයි (වීඩියෝ)

buddha-COVER

බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතූන් වහන්සේ  කොටසක් හමුවී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ චීනයේ නැන්ජිං ප්‍රදේශයේ ඉපැරණි විහාරස්ථානයක කරන ලද කැණීමකදී   බව  පුරාවිද්‍යාඥයන් විදෙස් මාධ්‍යයට පවසා තිබෙනවා.

ෂෙන්සොං අධිරාජයා විසින් 11 වැනි සියවසේදී ප්‍රතිසංස්කරණය කොට ගොඩනගන ලද භූමියේ භූගත ගෘහයක ඉතා සුරක්ෂිතව එම සර්වඥ ධාතූන්වහන්සේ තැන්පත් කොට තිබී ඇති බව  පුරාවිද්‍යාඥයන් පවසයි.

ගෞතම බුදුන් වහන්සේගේ දාතූන් වහන්සේ නමක් බවට ලිඛිත සාක්ෂිද හමුව ඇතැයි පුරාවිද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා.

සෙන්ටිමීටර් 117ක් හා පළලින් සෙ.මී. 45ක්ද වන සඳුන් දැව, රන්, රිදී හා වෙනත් මැණික් වර්ග ඔබ්බවා සාදා ඇති මංජුසාවක් තුළ වූ රිදී මංජුසාවක සෙන්ටිමීටර් 20 උසකින් හා අඟල් 7.08 පළලකින් යුතු රත්රන් මංජුසාවක් තුළ මෙම සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත්කොට තිබූ බවයි වාර්තා වන්නෙ.

1 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!