Gossip News

රටම ලොක් ඩවුන් කිරීම ගැන හමුදාපති කියපු කතාව මෙන්න

‘ලොක්ඩවුන්‘ කියන එක ඉතාම පහසු ක්‍රමවේදයක් වුවත් ලංකාවේ ජනතාවට එය බොහෝ පීඩාකාරී වන බව අද(06) පෙරවරුවේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග කළ යුතුව ඇත්තේ රට ලොක් ඩවුන් කිරීම නොව ආශ්‍රිතයින් සොයා ගෙන එය පාලනය කිරීමට නිසි ක්‍රමවේදයක් සැකසීම බව ද පළමු ආසාදිත කාන්තාව වාර්තා වු වහාම ප්‍රදේශ තුනකට පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ, විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශවල සිට සේවයට පැමිණීම නිසා බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

“මෙම ආයතනයේ 1400ක ප්‍රමාණයක් සේවයේ නියුතු වෙනවා. තවත් 400ක ප්‍රමාණයක් සනීපාරක්ෂක සේවය අනුයුක්තව සිටිනවා. මේ අයගෙන් 495ක් හැරුණු කොට ගෙන අනෙක් සියලු දෙනාම සිටින්නේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශය තුළයි. ඉතිරි 495 දෙනා ලංකාවේ විවිධ ප්‍රදේශවල ලිපිනයන් සඳහන් අයවලුන්. මොවුන්ගේ සේවය මේ වන විට නවත්වා සිටින නිසා කර්මාන්ත ශාලාවේ එම බලප්‍රදේශවලින් පිටත්ව ගිහින් සිටිය සියලු අය ඊයේ දිනයේ දී හඳුනා ගෙන ඊයේ රාත්‍රීයේ සිට මේ වන විට 125 දෙනෙක්ට වැඩි ප්‍රමාණයක් යුද හමුදාවේ නිරෝධායනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත රැගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. ඉතුරු බහුතරය ඉන්නේ මේ කියන ප්‍රදේශයේ. ඒ නිසා තමයි මේ වැනි තත්ත්වයකට අපි ගිහින් නැත්තේ.මෙය ඉතාම පහසුයි කිරීමට නමුත් ඒක නෙමෙයි රට ඉදිරියට යන අතර මේකත් කොහොම හරිපාලනය කරන්න තමයි අපි කතිකා කරගෙන තියෙන්නේ.“යනුවෙන් යුද හමුදාපතිවරයා පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!