මීගහකිවුල, තල්දෙන ප්රදේශයේ පදිංචි වයස අවුරුදු එකහමාරක ළදරුවකු පෙරේදා රාත්රියේ උණුවතුර බඳුනක් සිරුරේ හැලීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා ඒ මොහොතේම බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරුකර යවා ඇත.
මෙලෙස තුවාල ලබා ඇත්තේ මීගහකිවුල, තල්දෙන ප්රදේශයේ පදිංචි වයස අවුරුදු එකහමාරක දරුවෙකි. මව හීටරයක් උපයෝගී කරගනිමින් වතුර උණු කරමින් සිටියදී දරුවා එය අතින් ඇදීමට යෑමේදී උණු වතුර බඳුන දරුවාගේ සිරුරට හැලීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් දරුවාගේ සිරුරේ ස්ථාන රැසක් දැඩි පිළිස්සීමට ලක්ව ඇත.
දිවයින
