මේ සමාජය දිහා බැලුවාම විවිධ අදහස් තියෙන අය ඕන තරම් ඉන්නවා.
ඒ විදිහට හරි අපූරු සරල ජීවිතයක් ගෙවන කෙනෙක් ගැන අපිට අහන්න ලැබුණා.
කෙනෙක් නෙවෙයි ඇත්තටම කිව්වොත් යුවළක්.
එක්කෙනෙක්නම් අපේ රටේ කොල්ලෙක්.. අනිත් කෙනානම් සුදු අක්කා කෙනෙක්.
ඩිලාන් කියන්නේ ලංකාවේ ඉපදුනත් පිටරට ජීවත් වෙන තරුණයෙක්.
ඔහු ජීවිතේ ගත කරන්නේ රෝද හතරක් උඩ. ඇයගේ බිරිඳ තමයි මර්ටිනා. ඇය ස්විස්ටර්ලන්ත තරුණියක්.
තමන් ජීවත් වුණු ගේ අතහැරලා රෝද හතරක් උඩ ජීවිතේ ගෙවන ඔවුන්ගේ කතාව මේ විදිහට ඩිලන් කියලා තිබුණා.
මගේ නම ඩිලන්. ලංකාවේ ඉපදුනත් ජිවත්වෙන්නේ ලංකාවෙන් පිට, රෝද හතරක් උඩ.
මමයි මගේ බිරිඳයි (මර්ටිනා) 2016 තීරණයක් ගත්තා අපි හිටපු ස්විට්සර්ලන්තයේ ගෙය අතහැරලා ලොව පුරා සංචාරය කරමින් අපේ ජීවිතය ගෙවන්න.
ඉතින් ඒ අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳන් අපි අපේම මහන්සියෙන් හදා ගත්තු ෆෝල්ක්ස්වාගන් වර්ගයේ වාහනයක ජිවත් වෙනවා, ඒ වගේම රට රටවල සංචාරය කරනවා.
දැනට මේ විදිහට ගතකරන ජිවිතයට අවුරුදු හතරකුත් ලංවෙනවා.
ඉතින් මගෙන් ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුනා, සිංහලෙන්, අපි දකින දේ ගැන fb පිටුවකින් ලංකාවේ මිතුරන් සමග බෙදාගන්න. ඉතින් මේ තමයි ඒ ආරාධනයේ පළමු පියවර. මට පුලුවන් පුළුවන් හැටියට post හදලා දාලා අපි දකින දෙයින් ඔබටත් යමක් දීමට මා වෙර දරන්නම්.
