ප්‍රේම සම්බන්ධයක් නිසා බණ්ඩාරවෙල – බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොස්තාපල්වරයෙකු ඊයේ සියදිවි නසාගෙන තිබුණා.
මෙම කොස්තාපල්වරයා සියදිවි නසාගැනීමට පෙර සිය ෆේස්බුක් ගිණුමේ සිය මව සහ පෙම්වතිය ගැන සඳහන් කරමින් සටහන් කිහිපයක්ද තබා තිබෙනවා.
ඊයේ උදෑසන 6 ට පමණ බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඇතුළුවීමේ දොරටුව අසල ආරක්ෂක කුටියේදී මෙම කොස්තාපල්වරයා සිය රාජකාරී ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබුණා.
23 හැවිරිදි වියේ පසුවූ මොහු අම්පාර වීරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අම්පාර වීරගොඩ ප්‍රදේශයේම තරුණියක් සමඟ මෙම කොස්තාපල්වරයා ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
මාස කිහිපයක සිට ඔවුන් දෙදෙනා සමඟ මත ගැටුම් හටගෙන තිබෙන බවටයි වාර්තා වී තිබෙනවා.
ජීවිතය නැති කරගැනීමට පෙර කොස්තාපල්වරයා විසින් සිය මුහුණුපොත හරහා තමන් ජීවිතය ගැන කලකිරී සිටින බවටද ඉගිපල කරන සටහන් දමා තිබුණා.
ඒ අතර ඔහු සඳහන් කර තිබුණේ තමන් සිදුකළ වැරදි වෙනුවෙන් දඬුවම් විඳීමට සූදානම් අතර සියල්ලන්ගෙන්ම සමුගන්නා බවයි.