හොලිවුඩ්

කෙල්ලන්ට උත්තේජනය වැඩිකරගන්න පෙත්තක් එයි

l7

 

පිරිමින්ගේ ලිංගික උත්තේජනය වැඩි කිරීමට භාවිතා කරන වයග්‍රා නම් ඖෂධය වැනි කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා තීව්‍ර කෙරෙන ඖෂධයකට ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

‘ෆ්ලිබන්සේරින්’ නමින් හඳුන්වා ඇති මෙම ඖෂධය මින් පෙර දෙවතාවක් ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලය ඉදිරියේ ප්‍රතික්ෂේප කෙරිණ.

අඩු ප්‍රතිපල ලබා දීම සහ විවිධ අතුරු ප්‍රතිපල ඇති කිරීමට පවතින ඉඩකඩ හේතුවෙන් ‘ෆ්ලිබන්සේරින්’ නැතහොත් ‘කාන්තා වයග්‍රා’ ලෙසින් කතා බහ කෙරෙන මෙම ඖෂධය දැඩි විවේචනයට ලක් වෙමින් තිබේ.

නමුත් ඇතැම් කණ්ඩායම් පවසන්නේ කාන්තා ලිංගිකත්වයට අවධානය යොමු කෙරෙන මෙම ඖෂධය කාන්තාවන්ට සහනයක් වනු ඇති බවයි.

පුරුෂයන්ගේ ලිංගික උත්තේජනය වැඩි කිරීමට භාවිතා කරන වයග්‍රා මගින් සිදු කරනු ලබන්නේ පුරුෂ ලිංගයට ගලා යන රුධිරයේ වේගය සහ ගලා යාම තීව්‍ර කිරීමයි.

නමුත් ‘ෆ්ලිබන්සේරින්’ මගින් කාන්තා මොලයේ හෝමෝන වලට බලපෑමක් සිදු කරන අතර ප්‍රතිපල ලබා ගැනීමට නම් ඖෂධය මාසයක කාලයක් පාවිච්චි කිරීමට සිදු වෙයි.

‘කාන්තා වයඝ්‍රා’ වශයෙන් හඳුන්වනු ලබන මෙම ඖෂධය ස්ටෙරොයිඩ් අඩංගු තවත් ඖෂධ සමග භාවිතයෙන්, මත්පැන් සමග භාවිතයෙන් සහ අක්මාවේ රෝග සහිත පුද්ගලයන් විසින් භාවිතා කිරීම මගින් හානිකර අතුරු ප්‍රතිපල ලබා දිය හැකියි.

දීර්ඝ කාලීනව ලිංගික උත්තේජනයක් ඇති නොවීම නිසා මානසික ආතතියට පත් කාන්තාවන්ට ප්‍රතිකාර ලබා දීමට මෙම ඖෂධය භාවිතා කළ හැකි බවයි ‘ෆ්ලිබන්සේරින්’ හඳුන්වා දෙන ඖෂධ වෙළඳ සමාගම පවසන්නේ.

L1 L2 l3 l4 l5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!