අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් 2017 චැම්පියන් කුසලානයට තෝරාපත් කරගත් විස්තර විචාරකයින් නම් කර තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන විස්තර විචාරකයා ලෙස පළමුවරට කුමාර් සංගක්කාර පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධානය කළ, ප්‍රධාන තරඟාවලියන්හිදී විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ රසල් ආර්නෝල්ඩ්ට, 2017 චැම්පියන් කුසලානයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා.
කුමාර් සංගක්කාරට අමතරව හිටපු සුපිරි ක්‍රීඩකයින් වූ රිකී පොන්ටින්,බ්‍රෙන්ඩන් මැකලම් හා ග්‍රෑම් ස්මිත් චැම්පියන්ස් කුසලානයේ විස්තර විචාරකයින් ලෙස එක්වීමට නියමිතයි.
කුමාර් සංගක්කාර පවසා ඇත්තේ තමාට ලැබුණු මෙම අවස්ථාව මහත් ගෞරවයක් බවත් ලොව හොඳම ක්‍රීඩකයින් උරෙනුර ගැටෙන චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට තමා නොඉවසිල්ලෙන් පසුවන බවයි.
