“අපි නිරිදෝශියි. ඒක ඔප්පු කරන්න අපි ඕනම දෙයක් කරනවා”
“අඩු පාඩු කොච්චර තිබුණත් ඒවා එච්චර ලොකු දේවල් නෙවෙයි අපිට”යාපනයේ අරියාලේ ගම්මානයේ මවක් තම දරුවන් තුන්දෙනාටද වස පොවා ඇයද වස බී
පසුගිය 27 වන සිකුරාදා මරණයට පත්වීමෙන් පසුව ඔවුන්ගේ මළ සිරුරු 28 දා නිවසට ගෙන ඒමත් සමග මුළු යාපනයම මේ වන විට එකම මලගෙයක් බවට පත් වී තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලට හා සාක්ෂි සටහන් කර ගැනීමට
ලොකු වෙලාවක්ග ත වී ඇති අතර එම නිසා ඔවුන්ගේ මළ සිරුරු නිවසට රැගෙන ඒම සදහා විශාල කාලයක් ගත වී ඇත.
මිය ගිය මව විසි අටහැවිරිදි එස්. සුනේත්‍රා දේවී , ඇගේ වයස අවුරුදු හතරක දියණිය,වසර දෙකක හා එක්වසරක පිරිමි ළමුන් දෙදෙනායි. වස පානය කිර සියදිවි හානිකරගැනීම හේතුවෙන් මේ පිරිස මරණයට පත්වී ඇති බව මරණ පරීක්ෂණ කටයුතු වලින් පසුව නිගමනය කොට තිබෙනවා.
මේ මව සිය දරුවන්ට අයිස් ක්‍රීම් සමග වස පොවා ඇයද වස පානය කොට ඇත.
සිය සැමියා විසින් ලබා ගන්නා ලද රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයක ණය මුදලක් ණය කරුවන් විසින් ඇගෙන් නිතර නිතර ඉල්ලා සිටීම නිසා යන හේතුව සදහන් ලිපියක් මියයාමට පෙර යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලන්චෙලියන් මහතා වෙත යවා තිබෙනවා.
නමුත් මෙම ණය මුදල ඇගේ සැමියා විසින් ලබා ගන්නා ලද ණය මුදලක් නොවන බවත් එම මුදල ඔහු ඇප වී වෙනත් අයෙකුට ලබාදුන් ණය මුදලක් බවටයි සඳහන් වන්නේ.
මෙම මුදල් අර්බුදය නිසා ඇයගේ සැමියාද මීට මාස කීපයකට පෙර වස බී සියදිවි හානිකරගෙන ඇති බවද වාර්තාවුණා.
ඇය විසින් විනිසුරුවරයාට ලියූ ලිපියේ මෙසේද සදහන් වෙනවා
“ගරු මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතාණනි,
2017. 09. 03. මගේ සැමියා රු. කෝටියයි ලක්ෂ17 දී රැවටුණු හේතුවෙන් සිය දිවි නසා ගත්තේය. මගේ සැමියා නැති ජීවිතයෙන් මට පලක් නැත.
මගේ සැමියා අබ්බගාතයකු වී හෝ අපි සමග ජීවත් වුනානම් ඒත් මට සෑහෙන්න තිබුණා.
නමුත් අපට ඒකට වාසනාවක් තිබුනේ නෑ.
දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න කියලා හිතුනත් ළමයි අහන ප්‍රශ්නවලට මට උත්තර නෑ. ළමයි අහනවා තාත්තා කවදා එයිද? තාත්තා පේන්න එන්නේ නැත්තෙ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? තාත්තා ගේ කන්වල පුලුන් ගහලා තිබුණේ ඇයි? අපේ තාත්තා සුදුයි නේද?
තාත්තා ඇයි කලු පාට වුනේ? සුදු විදිහටම තාත්තා ආයිත් එයිද? තාත්තා ආවම අපි පාර්ක් එකට යමුද?
මේ වගේ මගේ දරුවන් අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බෑ.
මම කොච්චර කාලෙකට දරුවන් රවට්ටන්නද?
අපේ මරනෙට හේතුව ශ්‍රී සංකර් නම් පුද්ගලයා, ඔහුගේ බිරිය සුගන්යා සහ සිරිදරන්. අපි අද මේ තත්ත්වයට වැටෙන්න මේ අය වග කියන්න ඕන.
දෙවියන් මේ ලෝකේ සත්‍ය පසිදින්න ඉතා සීමිත පිරිසක් තෝරාගෙන එවලා තියෙනවා. මම විශ්වාස කරන විදිහට ඔබ තුමාත් ඒ අයගෙන් එක්කෙනෙක්. අපට වෙච්ච අසාධාරණයට ඔබ තුමා සාධාරණයක් ඉටු කරන්න. අපේ නිරිදෝශි භාවය ඔප්පු කරන්න අපි අපේ පණ දෙනවා.”
මීට අමතරව සිය අවසන් කටයුතු කළ යුතු ආකාරය කියා මිය ගිය කාන්තාව සිය මව් පියන්ට ලියූ ලියුමක්ද හමු වී ඇත. එම ලියුමේ සිංහල පරිවර්ථනය මෙසේය, <
ආදරණීය අම්මා, තාත්තා, අයියා අක්කා,
හැමෝම මට සමාවෙන්න. ඉපදුනු හැම කෙනාම මැරෙනවා.
ඒක ගැන හිතලා ඔබ හැම දෙනාම හිත හදාගන්න.
අම්මයි තාත්තයි දරුවකු විදිහට මට හැම යුතුකමක්ම කළා.
අපි ජීවත් වුනු කාලය අඩු වුණත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා.
මම ඔබ සැම සමඟ එක්ක ජීවත් වෙන්න තිබුණු කාලය සම්පූර්ණයි. අඩු පාඩු දාහක් වටේ තිබුණත් ඒවා එච්චර ලොකු දේවල් නෙවෙයි.
මගේ සැමියා මට දීපු ජීවිතෙත් සම්පූර්ණයි. නමුත් එක දුකක් තියෙනවා.
අපිට පවුලක් විදිහට දිගුකලක් ජීවත් වෙන්න අශාවක් තිබුණා. අවසන් මොහොත දක්වා අපි ඒකට සටන් කළා. දැන් අපි යන්නම්.
මගේ අම්මාව රැක බලා ගන්න. මගේ සැමියාට මට වඩා අශාවක් තිබුණා මගේ මවුපියන් ළඟ තියාගෙන මැරනකන් සලකන්න. නමුත් දැන් අපි යන්නම්.
මීට ආදරණිය සුනේත්‍රා(පවා)සහ මිණිපිරි, මුණුබුරන්.
මගේ සහ මගේ දරුවනන්ගේ අවසන් කටයුතු මගේ ගෙදරින් කරන්න.
කිසිම විදිහකින් ඒක මගේ සැමියාගේ පැත්තට දෙන්න එපා. ඒක තමයි මගේ අවසන් කැමැත්ත. අවශ්‍ය වුනොත් මේ ලියුම පොලිසියට පෙන්නලා බොහෝම චාම් විදිහට හේවිසි බෙර නැතිව අපේ අවසන් කටයුත් ඉක්මනින් ඉවර කරන්න.
මීට ආදණිය දුව සුනේත්‍රා”
මහාධිකරණ විනිසුරුට යැවූ ලිපිය සහ ඡායාරූප පහතින්..