Gossip

කළකිරීම නිසා හෝ ජීවත් වෙන්න අමාරු නිසා මම මේ තීරණය ගත්තේ නෑ, – සෝමානන්ද හිමි පළමුවරට මාධ්‍යයට හඬ අවදි කරයි

ප්‍රවීණ රංගන ශිල්පී සෝමසිරි අලකොලංග පැවදි දිවියට ඇතුලත්වීම පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇතිකළා.
පූජ්‍ය හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින් ගාල්ල විහාරස්ථානයකදී උන්වහන්සේ පැවදි දිවියට ඇතුලත්වුණා.
තමන් පැවදි දිවියට පාතැබීම ගැන මාධ්‍යවේදීන් තොරතුරු විමසුවද ඒ කිසිවකට උන්වහන්සේ උත්තර ලබා නොදුන් පුවතකුත් වාර්තා වුණා.
කොහොම වුණත් දැඩි ඉල්ලීම මත උන්වහන්සේ පැවදි දිවියේ තොරතුරු පුවත්පතකට මේ විදිහට පවසා තිබෙනවා.

මට ලෝක ධර්මතාවය අවබෝධ වුණු නිසා පැවදි වෙන්න තීරණයක් ගත්තා.
කාලෙක ඉඳන් මම අධ්‍යාත්මික පැත්තට නැඹුරුවෙලා හිටියා. මහණ වෙන්න බලාපොරොත්තුවක් කාලෙක ඉඳන් මගේ හිතේ තිබුණා.
මම මහණ දිවියට ඇතුල් වුණේ පාංශුකූලවලට වඩින්න නෙවෙයි. භාවනාව කරගෙන සිත දියුණු කරන්නයි මම මහණ වුණේ.
කළකිරීම නිසා හෝ ජීවත් වෙන්න අමාරු නිසා මම මේ තීරණය ගත්තේ නෑ.
මගේ පවුලේ හැමෝගෙම වගකීම් ඉටු කරලා ඒ අයගෙත් කැමැත්ත ඇතිව තමයි මම මහණ වුණේ.
මහණ වුණේ නිකං සංඝයාවහන්සේ නමක් වගේ ඉන්න නෙවෙයි භාවනා කටයුතු කරගෙන ඉන්නයි.
මම රංගන කටයුතු කරන කාලේ ඉඳන්ම භාවිනා කළා.
ගිහි ජීවිතේට වඩා පැවදි ජීවිතේ භාවනා කරන්න හොඳයි කියලා මට හිතුනා.
මහණවෙන්න සංසාර පුරුද්දක් තිබ්බද කියලනම් මම දන්නේ නෑ. මුලදි වන සේනාසනයක තමයි භාවනාවකට ගියේ.
ඇමරිකාවේ වැඩ වාසය කරන නායක ස්වාමීන් වහන්සේනමක් මීට අවුරුදු 30 කට කළින් මම හදුනනවා.
උන්වහන්සේ තමයි භාවනා කරන්න විහාරස්ථානයකට මාව යොමු කළේ.
මේ විහාරස්ථානය භාවනා කරන්න හොඳ පරිසරයක් තියෙන තැනක් නිසා මම හිතුවා මෙතැන මහණ වෙන්න.
මම මහණ වෙනවා කියන සිද්ධිය දැනගෙන හිටියේ පවුලේ අය විතරමයි.
මම අවුරුදු විස්සක වගේ ඉඳන් මත්පැන් බොන්නේ නෑ. මස් මාලු කන්නේ නෑ.
උදේ පාන්දර 3ට අවදි වෙලා භාවනා කරලා 5.30 ට බුද්ධවන්දනාවේ යෙදෙනවා. මගේ දැනුමෙන් පන්සලේ වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලාට ඉංග්‍රීසි උගන්වනවා. ඉංග්‍රීසි පංතියක් කරනවා සේවයක් විදිහට. ඒ ගමේ දරුවන්ට.
කාලයක් හිතේ තිබුණු බලාපොරොත්තුවක් තමයි අද ඉෂ්ඨ වෙලා තියෙන්නේ.
එදිරිවීර සරත්චන්ද්‍ර, හෙන්රි ජයසේන යන කලාකරුවන් තමයි කලා ක්ෂේත්‍රයේ ඉන්නකොට මගේ ගුරුවරු වුණේ. තරුණ කාලෙම මට ඒ වාසනාව ලැබුණා.
ඇත්තටම මම ප්‍රවීණයන් එක්ක වැඩ කළා. කලා කටයුතුවලදි ඉක්මනට ගමනක් ගිය කලාකරුවෙක්.
1965 දි තමයි මම රංගනයට දායකවුණේ. ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!