‘‘කැප්ලා“ නමින් හැඳින් වූ ශ්‍රී ලංකීය විදුලි මොටර් රථ නිෂ්පාදනයක් පිළිබඳ පසුගිය කාලය පුරාම විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා නිකුත් වුණා ඔබට මතක ඇති. කපිල ද සිල්වා නව නිපැයුම්කරුවාගේ අතින් නමවුණු මෙම මොටර් රථය ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට රුපියල් ලක්ෂ 8ක මුදලකට මෙරට වෙළඳපලට නිකුත් කීරීමට සූදානම්වනවා.
පැයට කිලෝමීටර් 60ක උපරිම වේගයෙන් මගීන් හතර දෙනෙකුට සුවපහසුව ගමන් කළ හැකි මෙම විදුලි මොටර් රථය, එක් ආරෝපණයකින් කිලෝමීටර් 100ක් ධාවන කළ හැකියි. මෝටර් රථයේ බැටරිය නැවත ආරෝපණය කිරීම නිවසේ විදුලි සැපයුම හරහාම සිදුකිරීමට හැකියාව මෙම මොටර් රථයට පවතිනවා.
60% දේශීය අමුද්‍රව්‍ය භාවිතා කර නිපදවා ඇති මෙම මෝටර් රථය සඳහා පිටරටින් ආනයනය කරන්නේ මෝටර් කන්වර්ටරය හා බැටරි පමණයි.
පිටරටින් ආනයනය කරන මෙම අමුද්‍රව්‍ය සඳහා රජයෙන් බදු සහන ලබා දෙන්නේ නම් ලක්ෂ 6ක මුදලකට මෙය ලබා දීමට හැකි බව නිෂ්පාදකයින් පවසනවා.
අඩි 4ක් පළලින් හා අඩි 7ක් දිගින් යුක්ත වන මොටර් රථය මුල්වරට නිෂ්පාදනය කර ඇත්තේ 2013 වසරේදීයි. පරිසර හිතකාමී නිර්මාණයක් වන මෙය ඉතා අඩු ශබ්දයක් පිටකරන අතර එක් කිලෝමීටරයක් ධාවන කිරීම සඳහා වැයවන්නේ රු.3.50ක් තරම් අවම මුදලක් බව වාර්තාවෙනවා
උපුටා ගැනීමකි
