Gossip

”තමන් කිසිවකුට කරදරයක් නොකර ජීවත් වෙනවා නම්, ලෝකයා මොන දේ කිව්වත් තමන්ගේ හිත ශක්තිමත් කරගෙන ඉදිරියටම යන්න” – කාවින්ද්‍යා අධිකාරි තම ඉන්ස්ට්රග්රෑම් ගිණුමට එක්කර තිබු සංවේදි සටහන මෙන්න

කාවින්ද්‍යා අධිකාරි කියූ සැණින් ඈ කවුද යන්න ඔබ දැන අඳුනනවා. ඇය ගායනයෙන් වගේම රංගනයෙනුත් දක්ෂතා පෙන්වූ අයෙක්.
ඉතින් ඈ පසුගිය දිනෙක ඇගේ ඉන්ස්ට්රග්රෑම් ගිණුමට සටහනක් එක් කර තිබුණා.

එම සටහන පහතින්…

ඔබ කවුරුන්ද යන්න ගැන ආඩම්බර වන්න. අනෙක් අය තමන් ගැන දකින/බලන විදිහ ගැන කිසිසේත්ම වද නොවන්න.
තමන් කිසිවකුට කරදරයක් නොකර ජීවත් වෙනවා නම්, ලෝකයා මොන දේ කිව්වත් තමන්ගේ හිත ශක්තිමත් කරගෙන ඉදිරියටම යන්න.
යම්කිසි කෙනෙක් ඔබට දොස් කියන්නේ.. ඔවුන්ට ඔබ වෙන්න බැරි බව දැනෙන විට, ඔබට ඇති දේවල් ඔවුන්ට ලබාගන්න ඇති ආශාව නිසා සහ ඔබට ඇති දේ කවදාවත් ඔවුන්ට ලැබෙන්නේ නැති නිසා ය.

“මම” කියලා එක්කෙනයි මේ ලෝකෙටම ඉන්නේ. ඒක නිසා කවදාවත් තමන්ව වෙනත් පුද්ගලයෙක් සමග සන්සන්දනය නොකරන්න.
ජීවිතේ කෙටී කියලා දැනගෙන සතුටින්, හොඳ හිතින්, කිසිවකුට කරදරයක් නොවන සේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. එවිට ඔබ ප්රාර්ථනා කරන දේවල් ඉබේටම ඔබ වෙත ලං වනු ඇත.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!