කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයාගේ ඡායාරූප සමාජජාල මාධ්‍යයන්වල මෙන්ම රූපවාහිනී මාධ්‍යයන්වලද පළවෙමින් පවතිනවා.
එම පුද්ගලයා ලෙස බොහෝ අය හඳුන්වා දී ඇත්තේ මොහොමඩ් තහා ෆර්සාන් නැමැති අයෙකුයි.
කටුවාපිටිය දේවස්ථානයට පැමිණි බෝම්බකරු මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වන අතර ඔහුගේ හිස කොටසද දේවස්ථානයේ ආසනයක තිබී සොයා ගැනුණා.
කෙසේවෙතත් මෙම දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ බවට මෙලෙස ඡායාරූප යොදමින් චෝදනා කරන පුද්ගලයා තමන් තවමත් ජීවතුන් අතර බවත් එම සිද්ධියට තමන්ගේ සම්බන්ධයක් නැති බවත් පවසමින් සමාජජාල මාධ්‍යයන්වලට වීඩියෝවක් මුදා හැර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ මෙවැන්නක්.
මීගමුව කටුවාපිටිය දේවස්ථානයට පහර දුන්නේ මම බවට සමාජජාල මාධ්‍යයන්වල ඡායාරූප හුවමාරු වෙනවා. ඒ වගේම රාජ්‍ය මාධ්‍ය, පෞද්ගලික මාධ්‍යයන් පවා ඒ ගැන සොයා බැලීමක් නොකර මා සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවල රූප දර්ශන යොදාගෙන ප්රවෘත්ති පවා ඉදිරිපත් කරනවා. කටුවාපිටිය දේවස්ථානයට පහර දුන් කෙනා මරාගෙන මැරෙන බෝම්බකරුවෙක්. ඒත් මං තවමත් ජීවතුන් අතර ඉන්නවා.
ඒ වගේම මා ඉදිරිපත් වූ මාධ්‍ය සාකච්ඡාව විකාශය වුණේ 2010 වර්ෂයේදී නිපෝන් හෝටලයේ පැවැත්වූ එකකුයි. 2010 වර්ෂයේ ඉන්දියාවට භික්ෂූන් වහන්සේලා ගිය වේලාවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ආධාරකරුවන් විසින් කළ පහර දීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. මම ඒ සම්බන්ධයෙන් කතා කිරීමටයි එම මාධ්‍ය සාකච්ඡාවට ගියේ. නමුත් මම මෙහිදී ප්‍රකාශ කරන දේවල් නොදා මාගේ රූපය පමණක් ගනිමින් සමාජජාල මාධ්ය්යන්, රාජ්‍ය මාධ්‍යයන් මෙන්ම පෞද්ගලික මාධ්‍යයන්ද මට දිගින් දිගටම පහර එල්ල කරනවා. කොහොමවුණත් මං 2010න් පසු ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයෙන් අයින් වුණා. ඒ මගේ ප්‍රතිපත්ති ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට ගැලපුනේ නැති නිසා. ඒකනිසා මට කියන්න තියෙන්නේ මං ගැන මෙහෙම බොරු ප්‍රචාර පතුරුවන්න එපා. එහෙම බොරු ප්‍රචාර පතුරුවන අයට විරුද්ධව අදාළ බලධාරීන්ට නිසි ක්‍රියාමාර්ග ගන්න කියලාත් මං ඉල්ලා සිටිනවා.
