සිය නිල ෆේස්බුක් ගිණුුමට ඇති කැමැත්ත හෙවත් ලයික් ප‍්‍රමාණය වැඩිකර ගැනීම සඳහා ඇතැම් කණ්ඩායම්වලින් ලයික් මිලදී ගෙන ඇති බවට කාම්බෝජයේ අග‍්‍රාමාත්‍ය සුන් සෙන් හට චෝදනා එල්ල වනවා.
විපක්ෂ කණ්ඩායම් පවසන්නේ ඔහුගේ ජනපි‍්‍රයත්වය ඉහළ නංවා ගැනීම සඳහා මෙම පියවර ගෙන බවයි.
ඉකුත් සැප්තැම්බර් මාසයේදි ආරම්භ කර ඇති අග‍්‍රාමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුමට මේ දක්වා ලැබී ඇති ලයික් ප‍්‍රමාණය මිලියන 3 යි දශම 2ක්.
විපක්ෂ කණ්ඩායම පවසන්නේ ඉන්දීය ගිණුමකින් ලයික් දෙලක්ෂ පනස් පන්දහසක්ද, පිලිපීනයෙන් ලයික් අනූ අටදහසක්ද , මියන්මාරයෙන් සහ ඉන්දුනිසියාවෙන් ලයික් 46,000 බැගින්ද අග‍්‍රාමාත්‍යවරයා මිලදී ගෙන ඇති බවයි.
