හොලිවුඩ්

ශ්‍රී ලාංකිකයින් 36ක් සිරියාවට ගිහින් – එයින් පිරිසක් ISIS සංවිධානයට බැඳීලා

isis

 

ශ්‍රී ලාංකිකයන් තිස් හය දෙනකු රහසිගතව සිරියාවට ඇතුළු වී ඇතැයි අනාවරණය වී තිබෙන බව ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීන් පවසන බව විදේශ මාධ්‍ය පෙන්වා දෙයි.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් විදේශ මාධ්‍ය ආයතනයක් කළ විමසීමකදී    මේ බව සඳහන් කර ඇති බව සඳහන්වෙයි.

දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු පිරිසක් වෙනත් රටවල වන්දනා ගමන්වල නිරත වන බව පවසමින් මෙසේ සිරියාවට ගොස් තිබෙන බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

දරුවන් සහ පවුල්වල උදවිය සමඟ පුද්ගලයින් 36 දෙනෙකු සිරියාවට ගොස් ඇති බව වාර්තා වන බවද ඔහු සඳහන් කර තිබේ.

ඔවුන්ගෙන් පිරිසක් අයි.එස් හෙවත් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට බැඳී ඇතැයි සැලකෙන බව  ඒ මහතා පවසා තිබෙනවා.

අදාළ පුද්ගලයින්ගේන පිරිසක් පමණක් එම සංවිධානයට බැඳී ඇති බවට අනාවරණය වී ඇති බව කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කර ඇත‍

මේ පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්වූයේ කවදාද, ඔවුන් පිටත්වූයේ එක්වරද, වෙන වෙනමද යනාදී විස්තර මේ මොහොතේ තමන් සතුව නොමැති බවත් ආරක්ෂක ලේකම්වරයා පවසා තිබෙනවා.

 

isis

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!