යාපනය කොඩිකාමම් පොලිස් වසමේ කච්චායි පාදිරියායකුලම් ප්රදේශයේ පාලු ඉඩමක තිබූ ළිඳකින් එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ආයුධ රැසක් සොයාගෙන තිබෙනවා.
යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කවුරේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක සම්පත් කුමාර මහතා වෙතට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසියකදී ළිඳ තුල තිබූ මෙම කොටි අයුධ තොගය හමුවී තිබෙනවා.
මෙසේ හමු වූ ආයුධ අතර විදෙස් නිශ්පාදිත ජීව අත්බෝම්බ 29 ක් , කොටි සංවිධානයේ නිශ්පාදිත තමිලන් ගුණ්ඩු නැමති අත්බොම්බ එකක්, අදිබලැති ක්ලේමෝ බෝම්බ 12 ක්, මිලිමීටර් 60 මෝටාර් බෝම්බ 06 ක් මේ අතර වන බවයි වාර්තා වන්නේ.
යුද සමයේදී කොටි සංවිධානය විසින් පලා යන අවස්ථාවකදී මෙම ආයුධ තොගය ළිඳට දමා පලා යන්නට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැක පල කරන අතර, මෙසේ සොයාගත් ආයුධ තොගය අධිකරණ නියෝගයක් පරිදි නිශ්ක්රීය කිරීමටද යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණා.
