ජැකි චෑන්ගෙ රංගන විලාසයන් රසිකයන්ට අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ.
එදා සහ අද පරපුරත් ප්රිය කරන මේ අති දක්ෂ සටන් නළුවා දැන් පසු කරමින් සිටින්නෙ තම ජීවිතයේ 63 වෙනි වසරයි මේ ප්රවීණයා පසුගිය දා පැවසුවේ තමන් මෙතෙක් රග පෑ සටන් චරිත වලින් මිදිය යුතු බවයි.
මගේ වයස දැන් 63 ක්.මට තවත් සටන් චරිත නිරූපනය කරන්න බැහැ.එදා වගේ “රෂ් අවර්” 1 , 2 , 3 , 4 ,5 , කියලා චිත්රපටි වල දිින් දිගටම එකම චරිත රගපාන්න බැහැ.මම දැන් වෙනස් වෙන්න ඕන.එහෙම වෙනස් නොවුනොත් ප්රේක්ෂකයන් මගෙන් ඈත් වෙයි.
