ඉතාලි රජය විසින් 2017 වර්ෂයේදී විවිධ ක්ෂේත්‍රයන්වල රැකියා අවස්ථා රැසක් විදේශික ශ්‍රමිකයින් වෙත හිමිකර දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එරට තුළ විවිධ ක්ෂේත්රවල පවතින රැකියා අවස්ථාවන් 30,000කට අධික සංඛ්‍යාවකින් තාවකාලික රැකියා අවස්ථා 17,000කට ආසන්න ප්‍රමාණයන් මෙලෙස විදෙස් ශ්‍රමිකයින්ට වෙන්කර දී තිබේ.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට මෙම රැකියා සදහා ඉල්ලුම් කිරීමේ හැකියාව සලසා දී ඇති අතර තාවකාලික රැකියා සදහා අයදුම් කරන්නන්හට මාර්තු මස 28 වෙනි දින සිට දෙසැම්බර් 31 දක්වා කාලය ඇතුළත අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් යොමු කිරීමට හැකියාව ඇත.
එමෙන්ම මෙම තාවකාලික රැකියා අවස්ථා 17,000ක ප්‍රමාණය ලබා දෙනු ලබන්නේ සෘතුමය කාල වකවානුවේදී ඉතාලියේ විවෘතව තැබෙන සංචාරක හෝටල් හා කෘෂිකර්මාන්ත ක්ෂේත්රය ආශ්රිත රැකියා සදහා පමණකි.
මෙම රැකියා සදහා අයදුම් කිරීමේදී ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ නිල වෙබ් අඩවිය හරහා අයදුම් කළ හැකි අතර එහිදී විශේෂයෙන් සැලකිල්ලක් දැක්විය යුතු කාරණයක් වන්නේ අයදුම්පත් යොමු කිරීමේදී සේවායෝජකයෙකු විසින් අයදුම්පත් යොමු කල යුතු බවත් කිසිඳු සේවකයෙකුට තනිව ඒ වෙනුවෙන් අයදුම්පත් යොමු කිරීමට නොහැකි බවත්ය.
ඒ අනුව පහත දැක්වෙන රටවල් සදහා මෙම තාවකාලික රැකියා සදහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ඉතාලි රජය විසින් ලබා දී තිබේ.
උපුටා ගැනීමකි
