හොලිවුඩ්

ප්‍රසිද්ධියේ නිරුවත් වෙන්න කැමතිද? මෙන්න තැන…

ප්‍රසිද්ධ ස්ථානයක නිර්වස්ත්‍රව හැසිරුණහොත් ඔබට ලැබෙන ප්‍රතිචාරය කුමනාකාර විය හැකි ද? නිසැකවම ඔබ සියල්ලන්ගේම  අප්‍රසාදයටත් අපහාසයටත් ලක්වෙනවා අනිවර්යයෙන්ම. ඇතැම් විට නීතියෙන් දඬුවම් ලැබීමට ද සිදුවෙනවා.

නමුත් එවන් කිසිදු බාධාවකින් තොරව ඔබට ප්‍රසිද්ධියේ නිරුවතින් සිටිය හැකි ස්ථාන තිබෙන බව ඔබ දන්නවා ද? මේ ලිපි පෙල එවන් ස්ථාන පිළිබඳව යි.

ශරීර පින්තාරු උත්සවය – ඉතාලිය ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර කලා උළෙලක් වන “ඉතාලියානු ශරීර පින්තාරු උත්සවය” (Italian Body Painting Festival) කිසිදු බාධා කිරීමකින් තොරව නිරුවතින් සිටිය හැකි එක් ස්ථානයකි. ඉතාලියේ වෙරෝනා නගරය ආසන්නයේ පිහිටා ඇති ගර්ඩා විල් තෙර අභියස මෙම උත්සවය පැවැත්වෙනවා.

2006 වසරේ දී ආරම්භ කෙරුණු මෙම උත්සවය මේ වන විට අඛණ්ඩව දස වසරක් මුළුල්ලේ පැවැත්වී තිබෙනවා.

ලොව වටා සිටින ශරීර පින්තාරු ශිල්පීන් සහභාගී වන මෙම උළෙලේ දී සිදුවන්නේ මුළුමනින්ම නිර්වස්ත්‍ර සිරුරුවල අලංකාර ලෙස වර්ණ යොදා සිතුවම් කිරීම යි. විවිධ වූ තේමාවන්ට අනුව මෙම ශරීර පින්තාරු සිදුකෙරෙන අතර ඇතැම් පින්තාරුවල දී අදාළ පුද්ගලයා සැබැවින්ම නිර්වස්ත්‍රදැයි හඳුණාගැනීමට පවා නොහැකි වනවා.

 

2 3 4 5 6 7 8 9 10 11 12 13 1

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!