තරු හුට පට

ඉනෝකාට අකටයුත්තක්!

චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙකු සහ නිෂ්පාදකයෙකු වන ඉනෝකා සත්‍යාංගනි මහත්මියගේ නිවසට කිසියම් පිරිසක් හානි සිදු කර තිබේ.

ඊයේ රාත්‍රි අදාළ පිරිස නිවසේ දේපළ වලට අලාභහානි සිදු කර ඇති බව  ඇය සඳහන් කළාය.

ඊට පෙර දින රාත්‍රියේ ද ඇය ගමන් ගත රථය පසුපස පැමිණි ත්‍රිරෝද රථයක් අවස්ථා ගණනාවකදී මාර්ගය හරස් කර  සිය රථය නවතා ගැනීමට උත්සහ කළ බව සත්‍යාංගනී මහත්මිය ප්‍රකාශ කරය සිටිය‍ාය.

ඒ සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියට ඇය පැමිණිල්ලක් ද සිදු කර තිබේ.

පුරවැසි බලය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කලාකරුවෝ නැමැති සංවිධාන හරහා පසුගිය දෙමසක පමණ කාලයක සිට ඉනෝකා සත්‍යාංගනි මහත්මිය ජනතාව දැනුම්වත් කිරිමේ දේශනවලට සහභාගී වුණි.

ඊට එරෙහි කණ්ඩායමක් විසින් තමාට තර්ජනය කිරිමේ අරමුණින් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගන්නට ඇති බව  ඉනෝකා සත්‍යාංගනි මහත්මිය පවසයි.

ඇය සඳහන් කළේ පරික්ෂණ වෙනස් කිරිම සඳහා පහරදිමට පැමිණි පුද්ගලයින් ගෙවත්තේ සිටි එළදෙන ද රැගෙනගොස් ඇති බවයි.

2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!