සතුන් සහ මිනිසුන් අතර තියෙන සමහර සමීපකම් හරිම පුදුමයි.
ඒ විදිහට විදෙස් රටකින් අපූරු සිද්ධියක් ගැන අපිට වාර්තා වුණා.
තම ස්වාමිදුවගේ සොහොන මත වසරක් පුරා නිදා සිටින පූසියක් ගැන ඉන්දුනීසියාවේ ජාවා දූපතෙන් වාර්තා වෙනවා.
මෙම පූසියගේ හිමිකාරිය මියයාමෙන් පසු මෙම සත්ත්වයා දින කිහිපයක් කෑගසමින් සිට තිබෙනවා.
ස්වාමිදුවගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසු සොහොනට ගොස් පූසිය ඒ මත වැතිර කෑගසමින් සිට තිබෙන බවයි වාර්තා වන්නේ..
නිවසට පැමිණ ආහාර ගැනීමෙන් පසු නැවත එම සොහොන වෙත ගොස් මුළු රාත්රියම එහි ගතකිරීමට මෙම පූසිය පුරුදුව තිබෙනවා..
සතුන්ට ආදරය කරන කිහිපදෙනකු මෙ පූසිය බලා ගැනීම සඳහා ගෙනගොස් ඇත.
එසේ වුවද ඔවුන් කිසිවකුට මෙම සත්ත්වයා තබාගැනීමට නොහැකිවී ඇත. කොපමණ සැලකිල්ලක් දැක්වුව ද මෙම සතා කෙසේ හෝ සොහොනට යාම නැවැත්වීමට නොහැකි වී ඇත.
