ගෝලයක් වාර්තා කර එය සැමරීම පිණිස පිටිය මැද කරණමක් ගැසූ ඉන්දීය පාපන්දු ක්‍රීඩකයකු මිය ගොස් තිබෙනවා.
මිසෝරාම් ප්‍රාන්ත ලීගයේ ක්‍රීඩා කළ තම කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කර කරණමක් ගැසූ පීටර් බියාක්සැන්සුවාලා බිම පතිත වි ඇත.
බිම පතිත වීම හේතුවෙන් කොඳු නාරටියට හානි සිදු වූ ඔහු රෝහලට ගෙන යාමෙන් අනතුරුව මියගොස් අැති බව විදේශ වාර්තා පෙන්වා දෙයි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 23ක් බව වාර්තා වෙයි.