පසුගියදා නිමාවුණු
ඉන්දියා – නවසීලන්ත තරගාවලිය ,ශ්‍රී ලංකා – පාකිස්තාන අවසන් තරග දෙක හා දකුණු අප්‍රිකා – බංගලාදේශ අවසන් එක්දින තරගයෙන් පසු
ICC ක්‍රිකට් ආයතනය නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කොට තිබෙනවා
එහි පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම් හි පෙරමුණ ගැනීමට හසන් අලී සමත් ව ඇති අතර
නවසීලන්ත තරගාවලියේ කඩුලු 06ක් ලබාගත් ජස්ප්රීත් බුම්රා සිය එක්දින දිවියේ ඉහළම තැන සටහන් කර ගනිමින්
එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය පත්ව ඇත.
නවසීලන්ත වමත් දග පන්දු යවන ක්‍රිඩක මිචෙල් සැන්ටාර් ස්ථාන 02ක් ඉදිරියට පැමිණෙමින්
පන්දුයැවීමේ ශ්‍රේණිගත කිරීම්හි 14වන ස්ථානය හිමිකරගෙන ඇති අතර
එම කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිඩක ඇඩම් මිලන් ස්ථාන 11ක් ඉදිරියට පැමිණෙමින් 42වන ස්ථානයට පත්ව ඇත
ශතක 02ක් සමග නවසිලන්ත තරගාවලියේ ලකුණු 263ක් ගබාගත් ඉන්දීය නායක විරාත් කෝලි
දකුණු අප්‍රිකානු පිතිකරු ඒ.බී ද විලියර්ස් පසුකරමින් පෙරමුණ ලබා ගැනීමට සමත් වී ඇත.
කෝලි මේ වන විට ප්‍රසාද ලකුණු 889ක් ලබා සිටින අතර
එය ඉන්දියානු පිතිකරුවකු එක්දින ශ්‍රේණිගතකිරීම්හි ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් වෙයි.
මීට පෙර 1998 වර්ෂයේ ප්‍රසාද ලකුණු 887ක් ලබාගත් සචින් එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා
තවද දකුණු අප්‍රිකානු පිතිකරු ෆෆ් ඩුප්ලේසි ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් 08වන ස්ථානයටත්
මහේන්ද්‍ර සිං දෝනි එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 11වන ස්ථානයත්
ටොම් ලැතම් ස්ථාන 15ක් ඉදිරියට පැමිණෙමින් 23වන ස්ථානයටත්
පාකිස්තානු නායක සෆ්රාස් අහමඩ් ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් 37වන ස්ථානයටත්
ශ්‍රී ලංකා වමත් පිතිකරු ලහිරු තිරිමාන්න ස්ථාන 06ක් ඉදිරියට පැමිණෙමින් 47වන ස්ථානයටත් පත්ව ඇත.
මීට අමතරව
රෝහිත් ශර්මා (7)
බාබර් අසාම් (4)
ක්වින්ටන් ඩී කොක් (5)
යන පිතිකරුවන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වැඩිවී ඇත.
