කොරෝනා වෛරසය නිසා මේ දවස්වල වෛද්‍යවරුන්, ආරක්ෂක අංශ නිලධාරීන් වගේම හෙද හෙදියනුත් නිවෙස්වලින් ඈත්ව සිටිනවා.
ඔවුන්ට තමන්ගේ දරුවන් බැලීමට හෝ හුරතල් කරන්න අවස්ථාවක් නැහැ.
දරුවන්ට තම දෙමව්පියන් ගැන ඇති සෙනෙහස කිසිම හේතුවක් නිසා අඩුවෙන්නේ නෑ.
ඒ සෙනෙහස අපූරුවට පෙන්වන වීඩියෝවක් සමාජමාධ්‍ය හරහා මේ දවස්වල හුවමාරු වෙනවා.
තමන්ගේ පියා නිවස තුලට පැමිණෙන ලෙස පවසන මාස 15 වයසැති පුංචි දුවෙකුගේ මෙම හැසිරීම හැමෝගෙම කතාබහට ලක්ව තිබෙනවා.
එම වීඩියෝව මෙම දරුවාගේ මව විසින් මුහුණුපොතට එක්කර සටහනක්ද තබා තිබුණා.
දරුවා සිතන අයුරින් එම සටහන තබා තිබීමත් විශේෂත්වයක්.
මට තවදුරටත් ඔබව දකින්න ලැබෙන්නේ නැතිවෙයි, තාත්තාගේ ගෙදර මම අම්මා සමග ඉන්නවා.. අම්මා කියනවා මෙහෙ ආරක්ෂිතයි කියලා.. මට ඔබව දකින්න ලැබෙන්නේද කලාතුරකින්.
ඉස්සර නම් මාව දැක්ක ගමන් ඇවිත් වඩාගෙන හාදු දෙනවා ඔහු. ඉස්සර වගේ ඔහු උදෙන්ම මට හාදු දෙන්නේ නැහැ.