Gossip News

තවත් රෝහලක කාර්ය මණ්ඩලයේ 14දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි..

රත්නපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට, සුළු සේවක කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ කෝවිඞ් ආසාදිත බවට සැකකරන රෝගින් රඳවා ඇති වාට්ටුවේ රෝගීන් නව දෙනෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරු වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අද(30) පැවසුවේය.

වෛද්‍යවරු ඇතුලූ රෝහල් කාර්ය මණ්ඩලය සම්බන්ධ කරගෙන ඊයේ(29) රත්නපුර ශීක්‍ෂණ රෝහලේ කළ අහඹු පීසීආර් පරීක්‍ෂණයක දී මෙම තොරතුරු අනාවරණය වූ බවද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා සඳහන් කළා.

මෙම තත්වය රත්නපුර මහ රෝහලේ සෙසු කටයුතු වලට කිසිදු බාධාවක් නොවන බවත් කී පළාත්  සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා ආසාදිත වූ සියලූ දෙනා වෙන්කර අවශ්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට උපදෙස් දුන් බව ද ඒ නිසා මහජනතාව අනියත බියක් ඇතිකර නොගයුතු බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා අවධාරණය කළේය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ කෝවිඩ් වෛරසය ආසාදිතයන් හමුවීමේ වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා මේ වනවිට ඇහැළියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් හතරකට සහ ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් පහකට සංචරණ සීමා පනවා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!