හොන්ඩුරාස් රාජ්‍යයේ රූ රුජින ලෙස කිරුළ පැළඳී මරියා ජොසේ අල්වොරාඩෝ සහ ඇගේ සොයුරියගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේනවා.
සැකකරුවන් අතර හොන්ඩුරාස් රූ රුජිනගේ ඝාතනයට ලක්වු සොයුරියගේ පෙම්වතා ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම තරුණයා විසින් අදාළ ඝාතන සිදුකළ බවට අධිකරණය හමුවේ පිළිගෙන ඇති බව සඳහන්ය.
ලබන දෙසැම්බර් මාසයේ ලන්ඩන් හිදි පැවැත්වෙන ලෝක රූ රැජින තරඟයට සහභාගි වීමට නියමිතව සිටි 19 හැවිරිදි මරියා ජොසේ අල්වොරාඩෝ සහ ඇගේ 23 හැවිරිදි වැඩිමහල් සොයුරිය පසුගිය දා අතුරුදන්ව තිබුණි.
පසුව ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු සැන්ටබාබරා ප්‍රදේශයේ ගඟක් අසළ වළදමා තිබිය දී සොයා ගෙන තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.