හර්ෂණ බෙත්මගේ වැඩි සද්ද බද්දයක් නැතිව පසුගියදා යුග දිවියට එළැඹුණා හර්ෂණගේ මනමාලිය කවුද? ඇයව මුණගැහුණේ කොහොමද මේ ආදර කතාවේ සැබෑ තොරතුරු මොනවද
හර්ෂණ වැඩි සද්ද බද්දයක් නැතිව බොහොම චාමෙට වෙඩින් එක ගත්තා නේද?
ඔව් රටේ තියෙන තත්ත්වයත් එක්ක අපි හැමෝම රටේ නීතියට ගරු කරල මගේ විවාහ උත්සවය ගන්න ගොඩක් සැලසුම් හදල තිබුණා නමුත් විවාහ උත්සවය බොහොම චාමෙට ගන්න තමයි සිද්ධ වුණේ අපි සැලසුම් කරපු දේවල් ගොඩක් කරගන්න හම්බවුණේ නැහැ. අපි ආදර්ශවත් වෙන්න ඕනෑ උත්සවයක් ගනිද්දි. ලස්සනට චාම්ව අපේ විවාහ උත්සවය කළා.
වෙඩින් එක හින්ද යාළුවො තරහ වුණේ නැත්ද?
ක්ෂේත්රයේ සියලූම යාළුවන්ට කියන්න හම්බවුණේ නැහැ. නමුත් තෝරාගත් පිරිසක් ආවා. පනහක වගේ පිරිසකට තමයි සහභාගි වෙන්න නීතියෙන් අවසර දීල තිබුණේ. ඒ නිසා ක්ෂේත්රය තුළ සීමිත යාළුවන් පිරිසක් එකතු කර ගත්තා.
මනාලියගේ විස්තර කිව්වොත් ?
මනාලිය මට මීට අවුරුදු දෙකකට කලින් මුණගැහෙන්නේ. අරුණි මාව මුලින්ම අඳුර ගත්තේ මගේ බිස්නස් පාට්නර් විදිහට ඊට පස්සේ අරුණි මගේ මිතුරියක් බවට පත්වෙනවා. මගේ ජීවිතයේ සියලූ දේ මම අතහැරල දාලා හිටපු අවස්ථාවක අරුණි මට ඒ සියල්ල සාර්ථක කරගන්න උදව් කළා. අරුණි ගොඩක් දේවල් හොඳින් වටහාගත්ත කෙනෙක් සහ විශ්වාස කරන කෙනෙක්.
ඇගේ පවුලේ විස්තර අරුණිගේ ගම කඩුවෙල අරුණිගේ පවුලේ අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි ඉන්නේ ව්‍යාපාරික පවුලක්.
එතකොට වෙඩින් එක තිබ්බේ?
26 වැනිදා තමයි මගේ විවාහ උත්සවය පැවැත්වුණේ. කඩුවෙල හෝටලයක තමයි වෙඩින් එක පැවැත්වුණේ.
ඇයව තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණාද?
ඇත්තටම අරුණි බොහොම හොඳ කෙනෙක්. යම්කිසි දෙයක් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. පවුලක් කියන්නේ මොකක්ද? ගෘහණිය කියන්නේ කවුද? සම්බන්ධතාවය කියන්නේ මොකක්ද කියන දේවල් ගැන අරුණිට හොඳ අවබෝධයක් තියෙනවා.
ඔබේ රගපෑමට ඇයගෙන් බාධාවක් නැත්ද?
ඇත්තටම නැහැ ඒකට හේතුව මම රංගන ශිල්පියෙක් වෙලා ඉඳිද්දී තමයි අරුණි මාව දන්නේ. ඒක තමයි මම මුලින් කිව්වේ අරුණිට හොඳින් යමක් වටහා ගැනීමේ හැකියාව තියෙනවා කියලා ඒ නිසා තමයි අරුණිගෙයි මගෙයි බැඳීම මෙච්චර දුරක් ඇවිත් අන්තිමේ ලස්සන දවසක් ආරම්භ කරන්න පවා පුළුවන් වුණේ.
ඇත්තටම හර්ෂණගේ ජීවිතේ දෙවැනි වර වෙනස් කළේ අරුණිද?
දෙවැනි වර කියන්නේ මෙහෙමයි ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කළේ අරුණි. මම වැටෙන්න ඕනෑ හොඳම තැනට වැටුණා. මම ස්වභාව දහම විශ්වාස කරනවා. අපි හරිනම් කිසිම දවසක අපිට වරදින්නේ නැහැ. ඒකට හොඳම උත්තරය තමයි අරුණි. ජීවිතේ සතුටින් නිදහසේ ගෙවන්න පුළුවන් කියලා මට හිතෙනවා.
ජීවිතය ගැන පසුතැවීම් කලකිරීම් එහෙම තියෙනවාද?
ඇත්තටම නැහැ. ජීවිතයේ ඉගෙන ගත්තු දේවල් තමයි ගොඩක් තියෙන්නේ. ජීවිතයේ පාඩම් හොඳින් ඉගෙන ගත්තා. මම ඉන්න ක්ෂේත්රය සහ මම ඇසුරු කරන විවිධාකාර පුද්ගලයන් ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වුණා. ජීවිතයේ අපි හදාගන්න ඕනෑ දේවල් හදාගෙන යන්න මට හොඳ පළපුරුද්දක් ලැබුණා.
කලකිරීම් එහෙම තියෙනවාද?
ජීවිතයේ කිසිම තැනක කලකිරීම් නැහැ වෛර කිරීම් එහෙම කිසිම දවසක නැහැ මම කිසිම දවසක ගොසිප් සයිට් එකකට පත්තරයකට වෛර කරනවා කියලා නැහැ. එහෙම වෛර කරන්න මට අවශ්‍යතාවයක් නැහැ. එහෙම නැත්තේ මම කරන්නේ හොඳ දේ කියලා මම දන්න නිසා. ඒ නිසා තමයි ස්වභාව දහමෙන් සියලූ දේම හරියට පැහැදිලි කරල දුන්නේ. අද ස්වභාව දහම විසින් මට සියලූම දේ කරල දුන්නා. මම හොඳ දේ කරගෙන සතුටින් ඉන්නවා.
රගපෑම් වැඩ කටයුතු එහෙම ?
අපි අපේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරගෙන යනවා. ඊට අමතරව පලතුරු මල් නාම්යයේ වැඩ කරනවා. නමුත් මේ කාලයේ රූගත කිරීම් නතර කරලයි තියෙන්නේ, රටේ තියෙන අයහපත් වාතාවරණය නිසා.
කොවිඞ් 19 වෛරසය දර්ශනතලවලටත් ඇතුළු වෙලානේද?
මම හිතන්නෙ අපේ ක්ෂේත්රය විතරක් නෙමෙයි රටේ සියලූම ක්ෂේත්රවලට මේ දේවල් බලපානවා ඉතිං මම හිතන්නේ නැහැ මේ වගේ තත්ත්වයකදී රට වැසීම සුදුසුයි කියලා. රට වහල අපේ වැඩ අඩාල කරගන්න බැහැ. කොරෝනා සමග අපි ඉදිරියට යන්න ඕනෑ. කොහොමද කියලා අපි දැනගන්න ඕනෑ. අපි පරිස්සම් වෙලා කොරෝනා සමග අපේ වැඩ ටික කරගන්න ඕනෑ. ඉදිරියේදී අපිට මීට වඩා යහපත් වෙයිද අයහපත් වෙයිද කියලා කියන්න බැහැ. හොඳට පරිස්සම් වෙලා වැඩ කරගන්න එක තමයි කරන්න ඕනෑ.
අලූත් ආරාධනා නැත්ද?
මේ මාසයේ මට අලූත් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිල තිබුණා. ඒ ටෙලි නාට්‍ය දෙකම රූගත කිරීම් කරන්නේ නැහැ කියල පසුකාලීනව මට දැනුම් දුන්නා. ගිය මාසයේ මුල ගීත රූප රචනාවක් කරන්නත් තිබුණා. ඒකත් නැවතුණා. සියලූම වැඩ අඩාල වෙලයි තියෙන්නේ.
ව්‍යාපාර කටයුතු ?
ඒවත් අඩාල වෙලා තියෙන්නේ. මට තියෙන්නේ ඔන්ලයින් කොස්මැටික් ස්ටෝල් එකේ අනික ලංකාවේ මිනිස්සුන් මේ වෙලාවේ හොඳ මානසිකත්වයක් නැහැ. කොස්මැටික් එකත් ගන්න තරම් මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ.
බිරිඳ රගපෑමට ඒවිද?
ඇත්තටම නැහැ. බිරිඳ රගපෑමට කිසිම ආසාවක් නැහැ. ඇය රූපලාවන්‍ය ශිල්පිනියක්. එයා ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නවා.
බිරිඳටයි ඔබටයි එකට ටෙලිනාට්‍යයක රගපාන්න අවස්ථාවක් ලැබුණොත් එහෙම වුණොත් මම රගපායි බිරිඳ රගපාන එකක් නැහැ
උපුටාගැනිම – දිවයින පුවත්පත