Gossip

හදුන් දිවියෙකුගේ ජීවිතයක් බේරූ හැටි

දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේ ලිඳකට වැටි සිටි විශාල හදුන් දිවියකු ගොඩගෙන වනයට මුදා හැරීමට සිගිරිය වනජීවී නිලධාරීන් පියවර අරගෙන තිබුණා.

ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ පිහිටි මේ ලිඳට වැටි සිටි දිවියා නිවෙස් හිමිකරුවන් විසින් දැක ඇති අතර මේ දිවියා ළිදෙන් ගොඩ ගෙන මුදාහැරීමට උත්සාහ ගෙන තිබෙනවා.

එහෙත් අවධානම් තත්වය නිසා ප්‍රදේශවාසීන් සිගිරිය වනජීවී කාර්යාලයට දුරකතනයෙන් කතා කොට දැනුම් දී ඇති අතර විනාඩි කීපයක් ගතවෙද්දී වනජීවී නිලධාරීහු කණ්ඩායමක් ස්ථානයට පැමිණ වයර් එකක ආධාරයෙන් දිවියා ගොඩට ගෙන කැලෑවට මුදාහැර තිබෙනවා.

වීඩියෝ – දඹුල්ල කාංචන කුමාර ආරියදාස

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!