Gossip

දුම්රිය අනතුරක් නිසා කකුල් දෙකෙන් එකක් නෑ. තියන කකුලෙත් යටි පතුලට වෙන්න කොටසක් නෑ- අසරණ වූ මිනිසෙක්ගේ ජීවිත කතාව

මිනිස්සුන්ට තමන්ගේ එදිනෙදා කටයුතු කරනකොට මුදල් ප්‍රධාන සාධකයක් වෙනවා.

එහෙම මුදල් නැතිවෙනකොට තමයි ගොඩක් අය පාරට බැහැලා කීයක්හරි හොයාගන්න හදන්නේ. එහෙමත් නැත්නම් හිගන්නන් ලෙස හැසිරෙන්නේ.

මේ තත්වය මේවෙනකොට වෙනස්. ඒත් ඇත්තටම අතේ සල්ලි නැතුව පාරට බැහැලා හිගාකන අය නැතුවම නොවෙයි.

ඒත් කෙනෙක්ගේ අසරණ බව දුටුවාම අපි මුදලින් හෝ කන්නට හෝ යම්කිසි දෙයක් හෝ දෙන්නේ ඔවුන්ගේ අසරණකමට සහ ඔවුන්ට බඩගින්න නිවාගන්නනේ.

මේ එවන් මිනිසෙක්ට උදව් කර ඇති ආකාරය මුහුණු පොතෙන් අපි දැක්ක ඡායාරූප කිහිපයක් සහ සටහනක්.

පොඩ්ඩක් නැවතිලා කියවලා යන්න පුලුවන්නම් වටිනවා යාලුවේ
හදිස්සි වැදකට මං අපේ අසල් ඇසියා එක්ක මේ දවස් යමින් ගමන් තමා අපිට මේ පුත්ගාලයා හම්බුනේ.ඉතිම් අපි පොඩ්ඩක් නැවතිලා කතා කලා.අපිට මේ පුද්ගලයා හම්බෙනකොටත් මෙයා කෑම කාලා ඉවරයි.අතේ තිබ්බ වතුර බෝතලෙත් ඉවර වෙන්න ලගයි.ඉතිම් මං ගාව ඇත්තටම සල්ලි තිබ්බේ නෑ හැබැයි අපේ අසල්වැසි අයියා ගාව තිබ්බා.
ඉතිම් ඒ අයියා එයා ගාව තිබ්බා මුදල් වලින් රු 100/= දුන්නා ඒ වගේම පොඩ්ඩක් අපි කතා කලා. මේ පුද්ගලයට කෑම කාල අත හෝදගන්නවත් වතුර නෑ..අයියා ඇහුවා ඔයා අත හෝදන්නේ නැද්දා කියලා. මේ පුද්ගලයට ඒක හරියට තේරුම් ගන්නවත් බෑ.මෙයා කාල අත හෝදන්නේවත් නැතුව ඒ ඉදුල් අතින්ම වතුර බෝතලේ අල්ලගෙන වතුර බොනවා. මෙයාගේ කකුල් දෙකෙන් එකක් නෑ තියන කකුලෙත් යටි පතුලට වෙන්න කොටසක් නෑ. මේක ඇත්තටම දුම්රිය අනතුරකින් උන දෙයක් කියලා තමා මෙයා අයියට කිව්වේ. අයියා ඇහුවා දැන් කොහෙද ඉන්නේ කියාලා.දැං ඉතිම් මහපාරේ තමා ඉන්නේ.ඒක තමා මෙයාගේ උත්තරේ උනේ. හුගක් අසරණ මනුස්සයෙක්.සමහරක් විට මෙයාටත් ලමයි ඇති අපි වගේම සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඇති. ඉතිම් අයියා මට තව සල්ලි වගයක් දීලා කිව්වේ තව වතුර බෝතලයක් ගෙනත් දෙන්න කියලා.ඉතිම් මං කඩේට දුවලා ගිහින් වතුර බෝතලෙත් ගෙනත් දුන්නා. අයියා ඇහුවා තව මොනවද ඕනේ කියලා එයාට ඕන උනේ බීඩි මිටියක්.එයා කිව්වේ එයාට මේ රස්නේ ඉන්න අමාරුයි ඒක නිසා තමා බීඩී ඕනේ කියලා. හිනා යනවා නේද..සමහරක් විට කේන්තිත් ඇති. එහෙම තමයි කොච්චර අසරණ උනත් සමහර මිනිස්සුන්ට තමන්ගෙ සමහර පුරුදු වෙනස් කරන්න බෑ.ඉතිම් කොහොම උනත් මං ආපහු කඩේට ආවා බීඩී තිබ්බේ නෑ.අනිත් පැත්තට ආවා.අපිට කරන්න පුලුවන් විදිහට අපි ඉතිම් මේ මනුස්සයට උදව් කලා. මං මේ රූප රාමු පෙල ඉදිරිපත් කරන්නේ මේ කතාව විතරක් නෙවේ පොඩි අදහස් ඉදිරිපත් කරන්නයි. අපිට සාමාන්‍ය ජීවීතේදී මේ වගේ මිනිස්සු හම්බෙනවා එයාල රුපියලකින් හරි අදාර කරන්න පුලුවන්න්නම් ඒක් හුගක් වටිනවා.තව පොඩ්ඩක් තියනවා කියවලම යන්න පුලුවන්නම් හොදයි යාලුවනේ.මගේ කතාව මං පටන් ගන්න කලින්ම කියන්නම් මේක රසවත් නැතුව ඇති ඒ වගේම සර්ව සම්පූර්ණත් නෑ.. නමුත් මේ මගේ අදහස

ලොකු කතාවක් නෙවේ මේ කියන්න යන්නෙ සාමන්‍ය ජීවිතේදී අපිට දකින්න තියන දේ ගැන. මේ සාමාන්‍යයෙන් අපෙ එදිනෙදා ජීවිතේ සිදුවන සිදුවීමක්. අපි ඕන තරම් දැකලා තියෙනවානේ හිගන්නෝ. එහෙම කියන එකත් හරි නෑ ඉතිම්. මොකද එයාලත් මිනිස්සුනේ. අපි වගේ කන බොන බොහොම අමාරුවෙන් දවසේ ගතමනාව හොයාගන්න බඩකට පුරවගන්න කට්ටිය.හිගන මිනිස්සුත් හුගක් වර්ගත් ඉන්නවා ඒක ඉතිම් ඔයාලත් දන්නවනේ.
බොරුවට හිගා කන අය :- අපි වගේම සාමාන්‍ය ජීවීතේ ගෙවනවා. හැබැයි අපිට වඩා මුදල් අතින් ඉදිරියෙන් ඉන්න පිරිසක්. සමාජය ඇතුලට ගිහින් ඔන්න මොකාක් හරි මිනිස්සුන්ට විස්වාසය ඇති කරන්න පුලුවන් දෙයක් අල්ලගෙන ඒක මාර්ගයෙන් හිගාකන මිනිස්සු. ඒ වගේ මේ ක්‍රියාවලියේදී බොහෝ දුරට හිගන මුදලාලි කෙනෙක් සම්න්ධ විය හැක.
ඇත්තට හිගාකන මිනිස්සු :- මේ මිනිස්සු ඇත්තටම හිගාකන අය. මේ වගේ අය හොයාගන්න ටිකක් ආමාරුයි..අමාරුමත් නෑ එහෙම්..අමාරුව තියෙන්නේ මං අර කලින් කිව්වා වගේ හිගන මුදලාලි මෙන්න මෙතනටත් සම්බන්ධ වෙන නිසා..ඒ කොහොමද කියලා ඔයාලා දන්නවා ඇතිනේ..කමක් නෑ මං සරලව කියන්නම්කෝ. ඔන්න අසරණ මිනිස්සු කොට්ටාසයක් අල්ල්ගෙන එයාලාව බලෙන් තියාගෙනෙ ඒ මාර්ගෙන් තමා මේ වැඩේ වෙන්නෙ.. තවත් සරලව කිව්වොත් මං කියන්නද අපේ ලංකාවෙම මේ ගැන චිත්‍රපටයක් රූ ගත උනා.අපි කවුරුත් දන්න ජැක්සන් ඇන්තනී මහත්මයා රංගනයෙන් දායක වන ” ඇඩ්‍රස් නෑ ” චිත්‍රපටය..ඔන්න ඒ ගැන හොද විස්තරයක් තියෙනවා ඒ චිත්‍රපටයේ.

ඉතිම් යාලුවේ අපි දෙන රුපියලෙන් බඩකට පුරවගන්න මිනිස්සු වගේම අපි දෙන මුදල් වලින් ජීවිතේම සල්ලි වලින් පුරවගන්න අයත් ඉන්නවා.කොහොම උනත් මේ වගේ මනුස්සයෙක් දැක්කම හුගක් මිනිස්සු පිලිකුල් කරනවා අපෝ අපිරිසිදුයි කැතයි හැටි විතරක් මුලු ඇගේම ජරාව ඔය වගේ එක එක බයිලා කියනවා.එහෙම තමා අපිටත් සමහරක් විට මේ වගේ ඉරණමක් අත් වෙන්න බැරි නෑ.මං කියන්නේ අපි මිනිස්සු ..අපි කරන කියන දෙයින් තමා අපි මිනිස්සු වෙන්නේ..අපි කාටවත් එකිනෙකට උදව් කරගන්න බැරි කමක් නෑනේ..උදව් කියන්නෙ ණයක් නෙවේ යාලුවේ ඉතිම් ඔන්න ඕකයි මගේ පොයින්ට් එක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!