Gossip

රිය අනතුරකින් දෙකඩ වූ සිරුර යකඩ පට්ටම් 11 කින් එක්තැන්කොට ජීවත් වන නිරූපිකාව – Photos

දාහත් හැවිදිරි කැට්රිනා බර්ජස් රූමත් විලාසිතා නිරුපණ ශිල්පිනියක් වූවාය.
ඉතා රැළි ගැසුණු කෙස් කළඹකින් හා දිගු අත් පා සහිත වූ නිසා ඇය එම කටයුත්ත සඳහා හැම අතින්ම ගැලපෙන තැනැත්තියකි. එහෙත් මෙම කාන්තාව දරුණු රිය අනතුරකට මුහුණ දුන්නාය.
දිනක් එංගලන්තයේ ඩෝසට් ප්‍රදේශයේ වේමත් නගරයේ පිහිටි ඇයගේ නිවසට පැයට සැතපුම් 70 ක වේගයෙන් රිය පදවාගෙන යමින් සිටියදී ඇගේ රථය ගැඹුරු කානුවකට වැටීම නිසා දරුණු තුවාල හා ආබාධ රැසකට මුහුණ දීමට ඇයට සිදු වූවාය.
ඇගේ ගෙල ප්‍රදේශය බිදී ගොස් තිබූ අතර පිට ප්‍රදේශය දෙකඩ වී තිබිණ.
ඇයගේ පෙණහලු සිදුරු වී තිබූ අතර උකුළු ඇටයේ බිඳීමක් ද, එක් පාදයක අස්ථි බිදී යාම හා ඉල ඇට කිහිපයක් ද කැඩී බිඳී ගොස් තිබිණ.
එය ඉතාම දරුණු රිය අනතුරක් වූ අතර ඇය එක්කෝ මරණයට පත්වීම හෝ අංශභාග රෝගී තත්ත්වයට පත් වනු ඇතැයි ඇය ගෙන යනු ලැබූ සමර්සෙට් ප්‍රාන්තයේ ටෝන්ටන්හි පිහිටි මස්ග්‍රෝව් පාක් රෝහලේ වෛද්‍යවරුන් විසින් සැක පළ කරන ලදී.
ඇයගේ තුවාලවලින් ඉතාම දරුණුම තත්ත්වය පැවැතියේ සුසුම්නාවට සිදු වූ අබාධයයි.
එයට ශල්‍යකර්මයක් සිදු කිරීම ඉතාම අවදානම් එකක් විය. එම ආබාධය ඉබේම සුව වන්නට ඉඩදී ශල්‍ය වෛද්‍යවරුන් සිදු කළේ පිට ඇතුළු සිරුර පුරා බිඳීගිය කොටස් එක්තැන් කිරීම සඳහා අස්ථි කොටස්වලට හරස් අතට යකඩ පට්ටම් 11 ක් සවි කිරීමයි.
ඒ සඳහා අස්ථි සිදුරු කොට යකඩ පට්ටම් බෝල්ට් ඇණවලින් සවි කරලීමයි.
එක් යකඩ පට්ටමක් ඉනේ සිට වම් පාදයේ දණහිස දක්වා සවි කරනු ලැබීය. ඒවා සවි කිරීම සඳහා ටයිටෙනියම් වලින් නිමවනු බෝල්ට් ඇණ යොදා ගනු ලැබීය.
එසේම දෙකඩ වූ පිට එක්තැන් කිරීම සඳහා ඒ අයුරින්ම හරස් අතට පට්ටම් උපයෝගී කරනු ලැබීය.
එසේම ගෙල ප්‍රදේශයට පිට කොන්ද සවි කිරීම සඳහා ටයිටෙනියම් ඇණයක් යොදා ගන්නා ලදී.
“මට සිහිය එනවිට හිතාගත නොහැකි තත්ත්වයක් මා තුළ ඇති වී තිබුණා. මගේ බෙල්ලට මොකක්දෝ වැරැද්දක් සිදු වී ඇත්තාක් මෙන් දැනුණා. ඇඳේ හිඳ ගැනීමට නොහැකි තත්ත්වයකයි මා සිටියේ.” යැයි කැටරිනා වේදනාව ඉවසාගෙන පැවසුවාය. ඒත් මට සැනසීමක් දැනුණේ මගේ දෙපා තිබෙන බව මට දැනුණ නිසා” යැයි ද ඇය පැවසුවාය.
2005 ජූනි මාසයේ සිදු වූ මෙම දරුණු රිය අනතුරින් ජීවිතයත් මරණයත් අතර මාරාන්තික සටනක යෙදුණු කැට්රිනා බර්ජ්ස් අද ඇයගේ පුරුදු රැකියාව වන විලාසිතා නිරුපණ ශිල්පිනියක් ලෙස සාර්ථක ජීවිතයක් ගත කරනුයේ යකඩ පට්ටම් 11 ක් සහ ටයිටෙනියම් ඇණ මුරිච්චි රැසක් සිරුර තුළ තබා ගනිමිනි.
ඇයට පවතින එකම ප්‍රශ්නය වන්නේ ගුවන් තොටුපලවල තිබෙන ලෝහ අනාවරක යන්ත්‍රය තුළින් ගමන් ගනිද්දී නොයෙකුත් සංඥා ශබ්ද ඇතිවීම සහ ඇය පරීක්ෂාවට ලක් වීමයි.
සුරුපී කැට්රිනා යථා තත්ත්වයට පත් වීම අරුම පුදුම වෛද්‍ය හාස්කමක් බව පැවසේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!