මේ දිනවල දෝහා – කටාර් හි පැවති ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය පිලිබදව මේ වන විට ලෝකයේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.
මෙම තරඟාවලියේ සිදුවෙන විශේෂ සිදුවීම් පිළිබදව ලෝකය බලා සිටින්නේ දැඩි අවධානයකින් බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
අපුරු පුවතක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. මෙම සිදුවීම සිදු වෙලා තිබෙන්නේ 5,000m ධාවන ඉසවුව තරඟය අතරතුරේදීය. තරඟය ආරම්භ කර මොහොතේ පටන් තියුණු මුහුණුවරක් ගත මෙම තරඟයේ අවසාන 500m දී විශේෂ සිදුවීමක් වෙලා තිබෙනවා.
ඒ තමයි තරඟය සදහා සහභාගී වූ Jonathan Busby නම් ක්‍රීඩකයා ආභාදයට ලක්ව තිබෙන අතර දැඩි අපහසුතාවයකින් මෙන්ම වේදනාකරිව සිටි ඔහුට උදවු කිරීම සදහා Guinea-Bissau’s Braima Dabo නම් ක්‍රීඩකයා තම තරඟය අතහැර ඔහු වෙත ගිහින් තිබෙනවා.පසුව තම මිත්‍රයත් සමඟ තරගය නිම කල ඔහුට ප්‍රේක්ෂකාගාරයෙන් මෙන්ම සමස්ත ලෝකයේම ප්‍රශංසා කර තිබෙන බවටයි සදහන් වන්නේ. කෙසේවෙතත් මෙම මානුෂිය ක්‍රියාව නිසා ඔහු මේවනවිටත් ලෝකයේ ජනප්‍රිය මෙන්ම දැඩි කතාබහකට ලක්වී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඡායාරූප පහතින්.
