අද (31) දිනයේදී ග්රහකයක් පෘථිවිය සමීපයෙන් ගමන් කරන බව යුරෝපීය අභ්‍යවකාශ නියෝජිතායතනය මගින් තහවුරු කර තිබෙනවා.
මෙම ග්රහකය මීටර් 400 ක් පමණ පළල වන අතර හඳහි ගමන් මාර්ගයට තරමක් ඈතින් ගමන් කරනු ඇති බව වාර්තාවෙයි.
පෘථිවියත් හඳත් අතර දුර මෙන් 1.3 ගුණයක් පෘථිවියේ සිට ඈතින් තත්පරයට කිලෝමීටර් 35ක පමණ වේගයෙන් මෙම ග්‍රහයා ගමන් කරයි.
මෙම ග්රහකය පෘථිවිය හෝ හඳ මත ගෑවීමක් සිදුනොවන බව තහවුරු වී ඇති බැවින් ඒ ගැන අනවශ්‍ය බියක් ඇති කර ගතයුතු නොමැති බවද විදේශ වාර්තා පෙන්වා දෙයි.
මෙම ග්රහකය 2015TB145 ලෙස අංකනය කර තිබෙන අතර අද (31) රාත්‍රියෙහි දඩයක්කාරයා තාරකා රූපය පසුබිමෙන් මෙය ගමන් කරනු ඇත. මෙම ග්රහකය පියවි ඇසට නිරීක්ෂණය කළ නොහැකි අතර අඟල් 08 ක් හෝ ඊට වැඩි විශ්කම්භයක් සහිත දුරේක්ෂයක් තුළින් ඉතා පැහැදිළි අහසක දී නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයන් අදහස් කරයි.
නැවත මෙවැනි ග්රහකයක් 2027 දී හඳට සමාන දුරකින් ගමන් කරනු ඇත. එහි විශාලත්වය මීටර් 800 ක් පමණ වන බව අනාවරණය කරගෙන ඇත.
මීට අමතරව නොවැම්බර් 13 වෙනිදා තවත් අභ්‍යවකාශ වස්තුවක් ශ්‍රී ලංකාවෙහි දකුණු වෙරළෙහි සිට කිලෝමීටර් 65 ක් පමණ දුරින් මුහුදට වැටෙන බව සොයා ගෙන ඇත.
මෙම ආකාශ වස්තුව මීටර් 02 ක් පමණ දිග වන අතර සඳට යවන ලද යානයක කොටසක් විය හැකි බව විශ්වාස කරයි. එබැවින් එම දින වල දකුණු මුහුදු වෙරළ ප්‍රදේශයට යාම අවධානම් සහිතය.
