දැඩි ලෙස අසභ්‍ය දර්ශණ නරඹමින් කාලය ගත කරලා.
සූට්කේසයක දමා වැළලූ බවට විත්තිකරුගෙන් පාපොච්චාරණයක්.
බැක්පැකර් කෙනෙක් විදිහට සංචාරයේ යෙදුනු Grace Millane නම් තරුණිය නොසිතූ ලෙස ඝාතනය වීම ලෝකයේම අවධානය යොමුවුණු සිද්ධියක් වුණා.
ඇය ලොව පුරා සංචාරය කරමින් සිටියදී පසුගිය 22 වැනිදා අතුරුදන්වී තිබුණා.
අතුරුදන්වුණු ඇයගේ ඝාතන නඩුව නවසීලන්ත අධිකරණයේදි විභාගයට ගෙන තිබෙනවා.
එහිදී හෙළිවී තිබුණේ ඇය ගෙල සිරකර මරා දමා ඇති බවයි.
තවද ඇගේ නාසයෙන් ලේ ගලන තුරු ගෙල සිරකර තබා ඇති බවටද එහිදී අනාවරණය වුණා.
මෙම ඝාතනයෙන් පසුව ඇයගේ මළ සිරුර ඡායාරූප ගත කර මෙම ඝාතකයා වෙනත් කාන්තාවක් සමග කාලය ගත කිරීමට ගොස් ඇති බවද අනාවරණය වී තිබෙනවා.
මිනී මැරුමෙන් පැයක කාලයක් ගතවන තුරුත් මිනීමරුවා මෙම තරුණියගේ සිරුර නිවසින් බැහැර කරන ආකාරය පිලිබඳ කල්පනා කරමින් කාලය ගත කර ඇති බවත් දැඩි ලෙස අසභ්‍ය දර්ශන නරඹමින් මල සිරුරේ ඡායාරූප ගනිමින් කාලය ගතකර ඇති බවත් අධිකරණයේදී කරුණු තහවුරු වී තිබෙනවා.
මෙම ඝාතනයට තමන් වැරදිකරු නොවන බවත් ඇය තමන්ගේ මහල් නිවාසයේදී මියගිය බවත් පසුව ඇයගේ සිරුර සූට්කේස් එකක දමා කැලෑවක වළලා දැමූ බව පමණක් බවත් ඝාතකයා පවසා තිබුණා.
කෙසේ වෙතත් විත්තියේ නීතිඥයා කියා සිටින්නේ මෙම මරණය හදිසි අනතුරක් බවත් ඇයගේ බෙල්ල වටා දෑත් තබන ලෙස පුරුෂයාගෙන් ඉල්ලා සිටීමෙන් පසුව ඔවුන්ගේ ලිංගික සම්බන්ධකමක් අතරතුර හදිසි අනතුරකින් ඇය මියගොස් ඇති බවයි.
