පොලිසිය කියන නම ඇහුනු ගමන්ම හුඟක් අයගේ හිත්වලට ඇතිවෙන්නේ හොඳ ආකල්පයක්නම් නෙවෙයි.
ඒකට හේතුව තමයි පොලිස් නිලධාරීන් විසින් යම් යම් අවස්ථාවල සිදුකළ ක්‍රියාකලාපයන්.
ඒ අතරින් රථ වාහන පොලිස් නිලධාරීන් අල්ලස් ගත්තු සිද්ධි ගැන මුහුණුපොත පුරාම වීඩියෝ වගේම ඡායාරූපත් හුවමාරු වුණා.
කොහොම වුණත් අල්ලස් දීම වගේම අල්ලස් ගැනීමත් නීතියෙන් වරදක්.
කොහොම වුණත් පොලිස් නිලධාරීන්ට හැමතැනදිම ඇගිල්ල දික්කිරීමත් වැරදියි.
මොකද අද සමාජයේ හුඟක් අය පුරුදු වෙලා තියෙන්නෙත් වැරැද්දක් වුණාම ලේසියට කීයක් හරි පොලිස් නිලධාරියෙකුට දීලා මාරුවෙලා යන්න.
ලේසියට මිනිස්සුම පුරුදුකරගෙන සල්ලිත් දීලා අන්තිමට පොලිස් නිලධාරියාට බැන බැන තමයි ඒ අය යන්නෙත්.
අල්ලස් ගන්න වීඩියෝ මුහුණුපොත පුරා හුවමාරු වෙද්දි වෙනස්ම විදිහේ වීඩියෝවක් අපිට ලැබුණා.
ඒ තමයි රථවාහන වැරැද්දකට මෝටර් රථයක් නතර කරපු පොලිස් නිලධාරියාට තරුණියක් සල්ලි දෙන්න හදද්දි ඒක පොලිස් නිලධාරියා වීඩියෝ කරනවා.
එතනදි පොලිස් නිලධාරියා කියන්නේ ඔයා කොහොමද මට සල්ලි දෙන්නේ. අල්ලස් දීම වරදක්. මට ඔයාව අත්අඩංගුවට ගන්න පුළුවන් යනුවෙන්.
ඒකට තරුණියගේ උත්තරේ තමයි මම මේ Pre-shoot එකකට යන්නේ. ඔයාලා සල්ලි ගන්න නිසයි මම දෙන්න හැදුවේ යනුවෙන්.
කොහොම වුණත් අවසානයේ අදාල තරුණියව පොලිසිය වෙත රැගෙනගිය බවයි වාර්තා වුණේ.
කොහොම වුණත් අද නීතිය වගේම සමාජයේ මිනිස්සුන්ගේ ආකල්ප හැදිලා තියෙන්නේ ඒ විදිහට.
නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නනම් නිලධාරීන් වගේම සාමාන්‍ය ජනතාවගේ මනසත් හැදෙන්න ඕනේ කියලයි අපිටනම් හිතෙන්නේ.
අදාල වීඩියෝව පහතින්…
