පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී වූ ශ්‍රී ලාංකික පිරිස ගැන මුහුණුපොත පුරාම කතා වෙනවා.
ඒ අතරින් එක් තරුණියක් ගැන විවිධ අදහස් දක්වමින් පුවත් හුවමාරු වෙන්න පටන් අරන්.
කොහොම වුණත් එහි සඳහන් වුණේ රජයේ වියදමින් ඔවුන් මෙම සංචාරයට එක්වූ බවයි.
ඒ සියලු තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.
ගිහානි වීරසිංහ නම් මෙම තරුණිය , සමුලුවට සහභාගී වී සිටින සහ දේශපාලකයන් ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමග ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමගයි ඇය ගැන කතාබහක් ඇතිවුණේ.
දිගට හරහට ඇයට එල්ලවූ චෝදනාවලට සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
ඇය කියා තිබුනේ ” ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. රෑ දාවල නොතකා මා වෙනුවෙන් පෝස්ට් සාදා වැය කළ කාලයට ස්තුතියි.
මෙයට …..ගේ ආයෝජන දූතිකාව ” යනුවෙනි.
