Gossip

කාලාකරුවන් වුණාට අපිත් දවසේ ආදායමක් ලබන කුළීකාරයින් වගේ – ගිහාන් ප‍්‍රනාන්දු

රූගත කිරීමුත් නැතිව ගෙදර වෙලා ඉන්න එකේ මේ අලූත් තත්ත්වය සමග ගිහාන්ගෙ ජීවිතය ගෙවෙන්නෙ කොහොමද ?

අපි පුරුදුවෙලා හිටිය ජීවන රටාවක් තියනවනෙ. ඇත්තම කිව්වොත් අපි අවුරුද්දේ දවස් විකුණලානේ ජීවත් වුණේ. ඒ කියන්නෙ රඟපාපු දවසට අපිට ගෙව්වෙ. එහෙම දවසේ ආදායමක්නෙ කලාකරුවන් වුණත් අපිට තිබුණේ. වෙනස් විදියට කිව්වොත් අපිත් කුලි කාරයන් වගේ තමයි. මොකද අපි දවසක් වැඩ කළොත් තමයි ඊළග දවසෙ ජීවත් වීමට අපිට සල්ලි හම්බවෙන්නෙ. එහෙම තියෙද්දි මාසයක් වැඩ නොකර මෙහෙම ගෙදරට කොටු වුණාම ඇතිවන තත්ත්වය අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මොකද කලා කරුවොත් ඔය ලස්සන හිටියට ආර්ථික ප‍්‍රශ්න තියනවා.

ගිහාන් මේ කතා කරන්නෙ පුද්ගලිකවද නැත්නම් කලා කරුවන්ට බළපාන පොදු ප‍්‍රශ්නයක් විදියටද ?

ලංකාවෙ ආට් කරන ඉතා විශාල සංඛ්‍යාවකට දැඩිව මම මේ කියන දේ බළපානවා. මොකද රජයේ  රැකියාවක් කරන කෙනෙකුටනම් රැකියාවට ගියත් නොගියත්. ලෙඩක් හැදුනත් නිවාඩු වලින් අඩුකරල හරි මාසේ අන්තිමට පඩියක් හම්බවෙනවා කියල දන්නවනෙ. නමුත් අපිට වෙලා තියෙන්නෙ එහෙම ක‍්‍රමවේදයක් නෑනෙ. ඉතින් මේ තත්ත්වයේ ඉන්න ලංකාවේ සෑම කලාකරුවෙක්ටම මේ මොහොතේ මේ ප‍්‍රශ්නය තියනවා.

ඔබ කළින් ස්ථිර රැකියාවක් කළා නේද.. දැන් ඒ ගත්ත තිරණය ගැන මොකද හිතෙන්නෙ ?

ඔව් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මම වැඩ කළේ. 2002 දී පූර්ණ කාලීනව ආට් කරන්න රැකියාවෙන් ඉවත් වුණා. නමුත් ඒ තිරණය ගැන මම පසුතැවෙන්නෙ නෑ. මොකද ආට් කියන්නෙ හැමෝටම කරන්න පුළුවන් විෂයයක් නෙවෙයිනෙ. ඒක වාසනාවන්ත රස්සාවක්. හැම එකකම ගුණ අගුණ කියල දෙකක් තියනවා. මේ අනාරක්ෂිත බව ආවේ දැන්නෙ. අනික මේ වගේ අවිනිශ්චිත වතාවරණයක් එයි කියල කව්රුත් හිතුවෙ නෑනෙ.

ඔබ වේදිකා නාට්‍ය කේෂත‍්‍රයට වැඩි දායකත්වයක් දක්වන කලාකරුවෙක්. විශේෂයෙන් වේදිකාව සහ සිනමාව යන කේෂත‍්‍ර වලට මෙය කොහොම බළපායිද ?

පසුගිය වසර පහළව ඇතුළත සෑම සති අන්තයක්ම මම වේදිකාවේ ගතකරේ. ඒ ලැබෙන මුදලින් තමා අපි ජීවත් වුණේ. මේ ආදායම ඉදිරියේදි නැතිව යනවා. චිත‍්‍රපටි වලට සහ වේදිකාවට තමා මේ අහිතකර බළපැම වැඩිපුරම තියෙන්නෙ. කාලයක් යනකන් මිනිස්සුන්ට එක තැනකට එකතුවීමේ භය ඇතිවෙලා තියනවා. ඒ විතරක් නෙවෙයි, මිනිසුන්ගෙ ආර්ථිකයත් දැන් කඩා වැටිල තියෙන්නෙ. එතකොට කවුරුත් මූලිකත්වය දෙන්නෙ ගෙදරට කන්න බොන්න ආහාර ටික ගන්නනෙ. ඒ වියදම් කරල මුදලක් ඉතිරිවුණොත් තමයි විනෝදාශ්වාදයට යොදවන්න පුළුවන්. ඉතින් වෙදිකාව සිනමාව විතරක් නෙවෙයි සංගිත සංදර්ශන, ආයතනවල ගෙට්ටුගෙදර් වගේ අවස්ථාවලදි විනෝදාශ්වාදය සැපයූ සංගීත ශිල්පීන් සහ කලාකරුවන් පිරිසක් ඉන්නවා මේ රටේ. ඒ කේෂත‍්‍ර වල සියළු දෙනාට දැනටත් එම අවස්තාවන් නැතිවෙලා තියනවා. ඉදිරියත් අවිනිශ්චිතයි. ඒ කියල ආට් වලට ආණ්ඩුව උදව් කරන්න ඕන කියල අපිට කියන්නත් බෑ. මේ වෙලාවේ හැමොටම මේ ප‍්‍රශ්නය බළපානවා.

කවාදා හරි මේ වසංගත තත්ත්වය නිමා වුණාම කලාව මේ අභියෝගයෙන් ගොඩගන්න කුමක් හෝ සැළසුමක් තිබෙනවද ?

ලංකාවේ වේදිකා නාට්‍ය සංවිධායකවරු, නිෂ්පාදකයො, රංගන ශිල්පින් ගෙදරට වෙලා කතාකරන්නෙ කොහොමද මේක ජයගන්නෙ කියන එක ගැන. අපිට ඒකට ක‍්‍රමවේදයක් හදන්න වෙයි. සමහරවිට අපිට වෙනදට වඩා අඩු මුදලකට නාට්‍ය පෙන්වන්න වෙයි. වෙනදා හයසීයක් හත්සීයක් දාන රංගන ශාලාවකට සමාජ පරතරය තියාගන්න ඕන නිසා ප්‍රෙක්ෂය් අඩු සංඛ්‍යාවක් පමණක් ඇතුල් කරගන්න වෙයි. මේවා ගැන හිතල අපි අලූත් ක‍්‍රමවේදයක් හදාගන්න වෙනවා.

ලංකාවේ කලා කරුවන් වෙනුවෙන් සංවිධානය වූ සංගම්  ගණනාවක් තියනවා. මේ අපදා කාලේ ඒවායින් මොනවද සිදුවුණේ ?

බඩු මල්ලක් දුන්නත් ඒක මේ වෙලාවේ ලොකු දෙයක්. සංවිධාන වලින් එහෙම දෙයක් කළා. හැබැයි කේෂත‍්‍රය නියෝජනය කරන විශාල පිරිසක් ඉන්නවා මේ උදව් නොලැබුණ. වේදිකාවේ පිටුපස වැඩකරන ශිල්පින්, සිනමාවේ ටෙලිනාට්‍ය වල ටී බෝයි දක්වාම මේ වෙලාවේ ආදායම අහිමිවෙලා. ප‍්‍රධාන ධාරාවේ අපි රූපවාහිනි තිරයෙන් දකින රංගන ශිලිපීන්ට වඩා ඒ අය ඉන්නෙ අසරණ වෙලා. මමනම් මේ වෙනකන් කිසිම සංගමයක සාමාජිකයෙක් නෙවෙයි. පසුගිය කාළේ මේ වංගේ සංවිධාන ගොඩක් හැදුනෙ දේශපාලන හෝ තමන්ගෙ පුද්ගලික අරමුණු වෙනුවෙන්. හැබැයි මේ මොහොතේ සමර සංවිධාන වලට පුළුවන් වුණා අපි අපිට උදව් කරගන්න. කොහොමත් කලා කේෂත‍්‍රය ගොඩගන්න නම් අපි හැමොටම දැන් එකතැනකට ඇවිත් මොනවා හෝ කරන්න සිදුවෙනවා.

තිස්ස ගුණතිලක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!