Gossip

“ඇයි මචං මෙච්චර ඉක්මනට ගියේ. උඹ මොකක්ද මේ උඹට කර ගත්තෙ බං?දුකයි යකෝ.” – ලංකාවේ තාරුණ්‍යය අවසන් වෙන්නේ මෙහෙමද..? – Photos

ජීවිතේ කියන්නේ හරි පුදුම ගමනක්.
ප්‍රශ්න කරදර එක්ක ගෙවෙන ජීවිත ගමෙනදි සමහරු මේ ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් හොයනවා.
ඒ විසඳුම මරණය වෙන්නත් පුළුවන් කියලා සමහරු තීරණය කරනවා.
මේ ඒ විදිහට මරණයෙන් තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු හොයපු තරුණයෙකුගේ කතාවක්..

දවස් ගණනක් තිස්සේ රාජගිරිය හරහායන එනකොට දැකපු මරණ දැන්වීමක් තිබුණා.
1990 ඉපදුණ ලස්සන කොල්ලෙක් මැරිලා. පින්තූරෙ දැකලා “අනේ අපොයි” කිව්වා මිසක් මැරුණ විදිය හොයන්න ඒ වෙලාවෙ උනන්දුවක් තිබුණෙ නෑ.
“මොකද හුස්ම ගත්තට අපිත් නිකම් මළමිනී වගේ වෙලා නිසා.”
පස්සෙ ඉතින් බුකියට එනකොට අපේ කෙනෙක් දාපු පෝස්ට් එක දැකලා මතක් වුණා මේ ඉන්නෙත් ඒ කොල්ලාම නේද කියලා.
ඒ ළමයගෙ එක එක විදියෙ ෆොටෝ දාලා නිවන් සුව පතපු කමෙන්ට්ස් සිය දහස් ගණනක් විවිධ අය දාලා තිබුණා. ටිකක් දුරට හොයලා බලද්දි මේ ළමයා මැරිලා තිබුණේ බෙල්ලෙ වැල දාගෙන කියලා ආරංචි වුණා.
ඊට පස්සෙ කෙළින්ම ගියේ එයාගෙ FB Profile එකට. ඒ ඉතින් නිකමට විනාඩි කීපයක් වැය කරලා මේ ළමයා කොයි වගේ කෙනෙක්ද? ප්‍රශ්න මුකුත් තිබුණද? ලව් කේස් එකක්ද? කින්ද මන්ද හොයන්න කියලා.
ඒකෙ තිබුණ පෝස්ට් දකිද්දි තේරුණේ ඒ දරුවා මාස ගණනක් කියා ගන්න බැරි ප්‍රශ්න කන්දරාවක් හිතේ තද කරගෙන ඉදලා තියෙන බව. Motivational Quotes, පොඩි පොඩි වාක්‍ය කෑලි, අමුතු විදියේ ෆොටෝස් ඒ ප්‍රොෆයිල් එකේ තිබුණා. ඒවා දැකපු කිසි කෙනෙක් “මචං මොකක්ද බං ප්‍රශ්නෙ?” කියලා ඇහුවද නැද්ද කියන්න නම් දන්නෙ නැහැ.
කොහොම වුණත් ඒ ලස්සන ජීවිතේ අකලට පරවෙලා ගියාට පස්සෙ කොල්ලයි කෙල්ලයි යාළුවයි හතුරයි සේරම පෝස්ට් දාලා තිබුණා. ඒවායින් සමහරක් මෙන්න මෙහෙම ඒවා.
– “මචං ගයියා උඹ අපිට නොකියාම ගියේ ඇයි යකෝ? RIP.”
– “අඩෝ ගයියා උබ මොකක්ද හු$*$* මේ කර ගත්තේ? යකෝ කොහොමද වාවන්නෙ බං?”
– “අනේ ලස්සන ජීවිතයක්.. අපරාදේ..මොකක් වෙලාද මේ මල්ලිට? නිවන් සුව.”
– “ඇයි මචං මෙච්චර ඉක්මනට ගියේ. උඹ මොකක්ද මේ උඹට කර ගත්තෙ බං?දුකයි යකෝ.”
– “ගයියෝ උපදින කිසිම භවයක මේ වගේ අකල් මරණයක් වෙන්න එපා. ආයෙත් අපි අතරටම වරෙන් මචෝ..”
– “කවුද මේ? මොකක් වෙලාද? අපරාදේ ලස්සන කොල්ලෙක්.. නිවන් සුව. ”
ටිකකට හිතන්න.. මේ ළමයා ජීවතුන් අතර ඉද්දි එයාගෙ ළගින් කාටම හරි ඉන්න තිබුණා නම්.. සමහර විට මේ මෝඩ වැඩේ කර ගන්නෙ නැති වෙන්න ඉඩ තිබුණා. ඇයි මේක මෝඩ වැඩක් වෙන්නෙ? මේක මෝඩ වැඩක් කියලා හිතෙන්නෙ එහෙම කර ගන්න කීප වතාවක් උත්සාහ කරලා පස්සෙ තමන්ගෙ හිත හයිය කර ගත්ත කෙනෙකුට…
ඔව්.. “මේක මෝඩම මෝඩ වැඩක්”.
ඉස්සර අපි පොඩි කාළෙ ටීවි එකේ දැක්කේ මොන බාධක ආවත් කාගෙන ඉස්සරහට ගිය ඔෂින් ලාව. අයුක්තියට එරෙහිව සටන් කරපු රොබින් හුඩ්ලව. අපි ඉස්කෝලෙ දහම් පාසලේ ඉගෙන ගත්තේ දස මහා යෝධයෝ ගැන. පංචතන්ත්‍රය , සිරිත් මල්දම, මහින්ද හාමුදුරුවන්ගෙ කවි විතරක් නෙවෙයි.. ආච්චි අම්මලා සීයලා කියලා දෙන රස කතා එක්ක ගොඩ නැගුණ අවසන් පරපුර මේ 90 දශකයේ අපි.
උදේට නැගිටින්නේ ගුවන්විදුලියේ පිරිත් සද්දෙට. ඊට පස්සෙ යන දේශානුරාගී ගීත, ආදර ගීත සහ සතුට දනවන ගීත අපි ඇහුවා වගේම අපිට ඇහුණා.
ටීවි එකේ ගිය ටෙලිනාට්‍යවල තිබුණෙත් ආදරය,ප්‍රේමය කරුණාව,දයාව වගේ අමුතු අමුතු තේමාවල්.
හැබැයි අද ඒක හුගක් වෙනස් වෙලා. අද අපිට කතන්දර කියලා දෙන්න ආච්ච් අම්මලා,සීයලා නැහැ. බලන්න නාට්‍යයක් ,කාටුන් එකක් තියා හරිහමන් ෆිල්ම් එකක්වත් නැහැ. උදේ ඉදලා රෑ වෙනකම් එෆ්.එම්වල අහන අදෝනා එක්ක ජීව්තේ ගෙනියන අපි අද හුගක් බිසී වෙලා. කතා කරන්න කෙනෙක් නැහැ.
ආදරේ කරන්න වෙලාවක් නැහැ. දුක කියන්න යාළුවෙක් නැහැ. ඉන්න උන් ඒ තරමටම සමීප නැහැ. අපි පුංචිම පුංචි ඩිජිටල් තිරයක් අස්සෙ හිර වෙලා. තනියෙන් කියව කියව ඉන්නවා. ( ඔබත් මමත් මේ මොහොතේ මේ දැන් කරන්නෙත් ඒකම තමයි.
මේ අවිවේකී ජීවන රටාව අපිව හුදෙකලා කරලා. අපි ජීවිතේ නිදහස් කර ගන්න තීරණ ගන්නෙත් ඒ හුදෙකලාව දරා ගන්න බැරි වෙද්දි. මම දන්නවා මිනිහෙක්ට තමන් ව මරා ගන්න හිතෙන්නෙ දරා ගන්න බැරිම වෙද්දි.
ඒත් ඒ වෙනකන්ම ඇයි කාටවත්ම ගයියාව නොතේරුණේ?? ගයියා අහස පොළොව ගැටළද්දි අම්මා තාත්තාවත් දැක්කෙ නැද්ද?සමහර විට එහෙම නෑ වගේ පේන්න ගයියා ඉන්න ඇති. ඒත් එක සියුම්
වේදනාවක් FaceBook එකේ අකුරු කරද්දි ගයියාගෙ මේ ප්‍රශ්නය , ගැටළුව කාටවත්ම පෙනුණෙ නැද්ද????
ඔව්.. අපි කාටවත් අනෙකාගෙ වේදනාවන් නොදැනෙන තරමට අපි කාර්යබහුල වෙලා.
එහෙම නැතිනම් දැක්කත් නොදැක්කා සේ ඉන්න අපි පුරුදු වෙලා. සමහරු “හොද වැඩේ” ලෙවල් එකෙන් ඒ දිහා බල බල සද්ද නැතිව ඉන්න පුරුදු වෙලා.
ඒත් ඇයි???
ඇයි අපිට බැරි වෙනස් වෙන්න? අපේ රටේ තරුණයො ඉන්නෙ මේ විදියට පොඩි දේටත් සැළෙන්න නම් කෝ අපිට හයිය ජාතියක්? පුරන් අප්පු, දුටුගැමුණු, සරදියෙල්, වීදිය බණ්ඩාර වගේ තරුණයො හිටපු ඉතිහාසයකට උරුමකම් කියපු ජාතියක් අපි…..
කවුරුම හරි දුකෙන් ප්‍රශ්නයකින් ඉන්නවා නම්.. ඒ කෙනාට ඔබව අවශ්‍ය බව ඔනු හෝ ඇය නොකියා කියනවා නම්… මම ඔබෙන් ඉල්ලනවා…. නොපැකිළව අහන්න..
“මචං අවුලෙන්ද?”
ඌ උත්තර දෙන්නෙ නැත්නම් කෝල් කරලා අහන්න. ඒත් නැත්නම් බැනලා අහන්න. නැත්නම් ඌ ඉන්න තැනකට ගිහින් කන පොඩිවෙන්න එකක් ගහලා හරි අහන්න…
“යකෝ බල්ලො.. කී පාරක් ඇහුවද? මොකක්ද උඹට වෙලා තියෙන්නේ”
සමහර දේවල් තියෙනවා ගහලාවත් අහගන්න බැරි.. ඒ දේවල් දැන ගන්න නම් ඔබ ඒ කෙනාට සමීපම කෙනෙක් බව දැනෙන්න ඕනෙ. තමන්ගෙ සර්කල් එක ඇතුළේ කම්ෆර්ටබල් සිටුවේෂන් එකක් ඇති වෙනකොට ඒ කෙනා ඉබේම ඒ දේවල් කියන්න පෙළඹෙනවා. මේ කියන්නෙ 100%ක් සහ ගහන ඇත්ත.
මොන ජනාධිපති අපේක්ෂකයා ආවත්, මොන ආණ්ඩුව ආවත් මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් කිසිම ප්‍රතිපත්තියක් නැති අපේ වගේ රටක අපි අපිම අපිව බලා ගන්න වෙලා තියෙන සමාජයක් අනාගතයේ මේ උදා වෙමින් යන්නේ.
ඒ නිසා.. ආදරණීය කොල්ලනේ, කෙල්ලනේ.. දුකක් කරදරයක් ඇති වෙනව නම් තමන්ගෙ වටේ ඉන්න වුන්ට වද දිදී හරි මුණ ගැහෙන්න වෙලාවක් හදා ගන්න. හැකිතාක් හුදෙකලාව විසීම අඩු කරන්න. ජීවිතේට විනෝදාංශයක් හදා ගන්න. හැම තිස්සේම සතුටින් ඉන්න පුළුවන් දේවල් ළං කර ගන්න.
ඒ හැමදේටම වැඩියෙන් දරාගැනීම කියන එක දරා ගන්න පුරුදු වෙන්න. ඒක මහා හයියක් අපිට දෙනවා.
හැබැයි… මොන දේ වුණත්.. “මරණය තෝරා ගන්න එපා.. “.
ඔබට නිවන් සුව ගයියා!!!!!

උපුටා ගැනීම – මුහුණුපොතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!