කුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමේ උත්සවය අද(03) දිනය් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
කුලියාපිටිය ලබුයාය, ප්‍රදේශයේ මෙම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලව ඉදිකිරීමට නියමිතය.
අක්කර 50ක භූමියක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ඉදිකරනු ලබයි.
ලෝකයේ විශාලතම වාහන නිෂ්පාදන ආයතනයක් වන වොක්ස් වැගන් ආයතන මේ සඳහා අයෝජනය කර තිබේ.