පසුගිය දවස් ටිකේම කතාවුණු දෙයක් තමයි අගමැති ධුරය වෙනස් වෙනවා කියන එක.
රනිල් වික්‍රමසිංහ වෙනුවට එජාපයේම කෙනෙක් පත්කරන්න ඕනේ කියලත් සමහරු කිව්වා.
තවත් අය කිව්වේ ශ්‍රීලනිපයේ කෙනෙක් අගමැති කෙනෙක් ඕන කියලා.
මේ දේවල්වලට උත්තර ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කිව්වා.
අගමැති ධූරයෙන් ඉවත්වෙන්න එපා කියලා රනිල් වික්‍රමසිංහ මහතාට මහින්ද මහතා දුරකතන ඇමතුමක් දුන්න කියල රාජිත ඇමතිතුමා කිව්වා.
පළාත් පාලන ඡන්දය පැරදුණාට එජාපය යම් ඡන්ද ප්‍රතිශතයක් ගත්ත නිසා අගමැති ධූරයෙන් ඉවත්වෙන්න ඕන නෑ කියලයි මහින්ද මහතා කියලා තියෙන්නේ.
ඇමතිතුමා එහෙම කිව්වත් හිටපු ජනාධිපතිතුමානම් කිව්වේ ඒක අතේ පැලවෙල බොරුවක් කියලයි.
