රුසියාව බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් ඊජිප්තුවේ මධ්‍යම සින්යි ප්‍රදේශයට කඩා වැටී ඇති බව ඊජිප්තු අග්‍රාමාත්‍යවරයා තහවුරු කර තිබේ.
යානය අතුරුදන්වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලයේ 07 දෙනෙකු ඇතුලුව මගීන් 224 ක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහි ගමන් ගත් මගීන්ගෙන් වැඩි පිරිසක් රුසියානු සංචාරකයින් බව සඳහන්වෙයි.
රුසියානු ගුවන් සමාගමකට අයත් ඒ 321 වර්ගයේ යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.
