ගුවන් යානා අනතුරු ගැන ලෝකේ හැම තැනින්ම එක එක සිද්ධි වාර්තා වුණා මතක ඇතිනේ.
ඒ වගේ අනතුරක් වෙන්න ගිහින් අනු නවයෙන් බේරුණු සිද්ධියක් සෝමාලියාවෙන් වාර්තා වෙනවා. සෝමාලියාවට අයත් ගුවන් යානයක උඩු ගුවනේ ගමන් ගන්නා විට ජනේලයක් අසළ විශාල සිදුරක් ඇතිවෙලා.
ටිකක් පොඩි සිදුරක්නම් තව කමක් නෑ. ඒ සිදුරෙන් මනුසයෙක්ට පවා පනින්න පුළුවන්. විදුලිය කාන්දු වීමක් නිසා ඇති වෙච්ච දෙයක් කියලා ඒකේ හිටපු සමහර මඟීන් නම් කියනවා.
මොගඩිෂුව ප්‍රදේශයට ඉහළින් මේ ගුවන් යානය පියාසර කරන අවස්ථාවේ තමා මේක වෙලා තියෙන්නේ.
පිපිරීමෙන් ගුවන් යානයේ සිදුරක් ඇතිවෙලා තියෙනවා. පුපුරණ අවස්ථාවේ ඒ ළඟ හිටපු මහළු පුද්ගලයෙක් ඒ සිදුරෙන් එළියට විසික් වෙලා තියෙනවා. කිහිපදෙනෙකුට පිළිස්සුම් තුවාලත් වෙලා.
මෙය ත්රස්ත්රවාදී ප්‍රහාරයක් වෙන්න පුළුවන් කියලත් ඇතැම් විදෙස් මාධ්‍ය කියනවා.
මේ ගුවන් යානයේ ගුවන් නියමුවා මේ සිද්ධිය ගැන මෙහෙම කතාවක් කියලා තියෙනවා. ” ‘මම හිතනවා එය බෝම්බයක් කියලා . වාසනාවකට මෙන්, මම ගුවන් තොටුපළට පරිස්සමින් ආවා. මේ වගේ දෙයක් මගේ ගුවන් දිවිය තුළ කවදාවත් සිදු වෙලා නැහැ. අපිට යානයේ පීඩනය අහිමි විය. දෙවියන්ට ස්තුති එය හොඳින් අවසන් විය.
