තරු හුට පට

දෙන්නෙක් එක්ක එකගෙයි කන්න හැදූ දොස්තර බිරිඳගේ මිටි පහරින් මරුට (ඡායාරූප සහිතයි)

ලංකාවේ ජීවත්ව පසුව  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට ගිය යුවළකට එහිදී සිදුවූ අකරතැබ්බයක් සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍යවල තොරතුරු වාර්තා වෙනවා.

මෙම යුවළ එරට වෛද්‍යවරුන් ලෙස කටයුතු කර ඇති අතර පසුව එහිදී ඇතිකරගත් සම්බන්ධයෙන් නිසාවෙන් වෛද්‍යවරයා වයස අවුරුදු 17ක තරුණියක් සමඟ අනියම් ඇසුරක් පවත්වා තිබෙනවා.

ඔහුගේ බිරිඳ මේ සම්බන්ධයෙන් දැනගෙන ඇති අතර පසුව වෛද්‍යවරයා පවසා ඇත්තේ තිදෙනාටම එකට ජීවත් වෙමුයි කියායි.

නමුත් මේ සම්බන්ධයෙන් වෛද්‍යවරිය කැමැත්ත පළකර නැති අතර පසුව දෙදෙනා අතර යම් විරසක ඇතිව තිබෙනවා. ඔහු යම් අවස්ථාවල අයුතු යෝජනා කරමින් තිදෙනාම එකට නිදියහනේ ගත කරමුයි කියා පවසා තිබෙනවා.

එමෙන්ම ඇතැම් අවස්ථාවල මෙම වෛද්‍යවරයා බිරිඳ සමඟින් සිටින අවස්ථා වීඩියෝ කිරීමටද පුරුදුව ඇති අතර මේ සම්බන්ධයෙන්ද වෛද්‍යවරිය දැඩි මානසික පීඩනයකින්ද පසුව තිබෙනවා. කෙසේ හෝ සිය පුරුෂයා අනියම් ඇසුරක් පවත්වන බව ඉදිරියටත් දරාගත නොහැකි තැන ඇය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව ඇය මිටියක් ගෙන ස්වාමි පුරුෂයාට පහරදී කාමරය තුලදීම ඔහුව ඝාතනය කර තිබෙනවා. 2014 වසරේදී වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට  ඕස්ටේ‍්‍රලියානු අධිකරණයක නඩුවක් විභාග වන අතර එහිදී නඩුවට කැඳවා තිබූ වයස අවුරුදු 17 තරුණිය සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණය කර තිබෙනවා.

එමෙන්ම සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරිය මේ වන විට සිරභාරයේ පසුවන අතර 17 හැවිරිදි තරුණිය පවසා ඇත්තේ ඇය එලෙස සිරගෙයි සිටීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවයි.

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!