පාකිස්ථානය සමග පැවති තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලිය 3ට බින්දුවක් ලෙසට ජය ගැනීමට සංචාරක ශ්රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
තරගය පැවැත්වුණේ ලාහෝර් නුවරදීයි.
ඊයේ පැවැත්වුණු තුන්වන සහ අවසන් 20යි 20 තරගය ශ්රී ලංකා කණ්ඩායම ජයගත්තේ ලකුණු 13කින්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස් කළා.
ඔෂධ ප්රනාන්දු සිය 20යි 20 ක්රිකට් දිවියේ පළමු අර්ධ ශතකය ලබාගත්තා.
ඒ පන්දු 33කින්.
ඉනිම අවසන් වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ඔහු ලකුණු 78ක් ලබා සිටියා.
නායක දසුන් ශානක සහ සධීර සමරවික්රම ලකුණු 12 බැගින් රැස් කළා.
ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 13ක් ලබාගත්තා.
මොහොමඩ් අමීර් කඩුලු 3යි.
ලකුණු 148 ක ජයග්රාහී ඉලක්කයක් හබායාමට පිටියට පැමිණි පාකිස්ථානයට පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 134ක් පමණයි.
හැරිස් සොහයිල් ලකුණු 52ක් සහ බාබර් අසාම් ලකුණු 27ක් රැස් කළා.
වනිඳු හසරංග පකිස්ථාන කණ්ඩායමේ කඩුලු 3ක් බිඳහෙළුවා. ලහිරු කුමාර කඩුලු 2යි.
