හොලිවුඩ්

ජනපති මෛත‍්‍රීට උත්තර දුන් ට්විටර් පණිවිඩය එන්රිකේගේද?

2000

මේ දිනවල රටපුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන් ලතින් අමෙරිකානු ගායක එන්රිකේ ඉග්ලේසියස්ගේ ප්‍රසංගය සම්බන්ධයෙන් තවදුරටත් පුවත් මැවෙමින් තිබෙනවා.එන්රිකේගේ ප‍‍්‍රසංගය අතරතුර තරුණියක තනපට විසිකිරීමේ සිද්ධිය ගැන ජනපති පිළිකුළෙන් කතා කිරීමෙන් පසු අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ එයට වැඩි ප්‍රචාරයක් ලබාදී තිබුණා.

මෙය සංවිධානය කළ බව කියන මහේල හා සංගාද ප‍‍්‍රසංගයේ දී ඇතිවූ අපහසුතා ගැන සමාව ඉල්ලා තිබූ නමුත් ජනපතිගේ කතාව විවේචනය කරමින් ඇතැම් පිරිස් අන්තර්ජාලය හරහා ද ඔහුව ද විවේචනය කිරීමට කටයුතු කරනු දක්නට ලැබුණා.ජනපතිවරයා ඊටද ප‍‍්‍රතිචාර දක්වමින් අසා තිබුණේ, “නිරුවතින් පාරේ යන්නද මේ ඉල්ලන්නේ” ලෙසයි.

කෙසේ වෙතත් ප්‍රසංගයෙන් පසු වූ සිද්ධි ගැන එන්රිකේ දක්වන ප‍‍්‍රතිචාර කිසිවක් මේ දක්වා අන්තර්ජාල මාධ්‍යයේ ඔහුගේ නිල ෆෙස් බුක් ගිණුමක හෝ නිල ට්විටර් ගිණුමක පළකර නැහැ.එහෙත් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිද්ධිය ගැන එන්රිකේ යයි හඟවමින් ට්විටර් පණිවිඩයක් ප‍‍්‍රචාරය වන අතර, එයින් ජනපතිවරයාද උපහාසයට ලක් කර තිබෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ “ශ්‍රී ලංකා ජනපති මොනවද කියන්නේ. ඒක හරිම විනෝදකාමි. ජනතාවට නිදහස තියෙනවා සංගීතය රස විඳින්න ඕනෑම සංස්කෘතික අංගයකට සහභාගි වෙන්න” ලෙසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!